17

1K 201 140
                                    

දෙදිනකට පසු

ජන්ග්කුක්ට එයාගෙ ඇල්ෆාව ඇහැටවත් දකින්නෙ නැතුව දවස් දෙකක් ගෙවිලා ගිහින්. ජන්ග්කුක්ට හිතාගන්න බැරි වුනා එකපාරටම අධිරජු මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා. එයා එයාගෙ යෙහෙළියන්ගෙන්, තව සේවක සේවිකාවන්ගෙන් අධිරජු ගැන විමසුවත් අධිරජුගේ අතුරුදහන් වීම ගැන කවුරුත් දැනන් හිටියෙ නෑ.

ජන්ග්කුක්ට ප්‍රධාන මාළිගයටම ගොස් අධිරජුව මුනගැහෙන්න නොහිතුනා නෙමෙයි. ඒත් ටේහ්‍යුන්ම එයාව මගහරිද්දි එයාව කෙලින්ම ගිහින් මුනගැහෙන්න තරම් ජන්ග්කුක් ආඩම්බර වැඩියි. අධිරජුම එයාව හම්බවෙලා පැහැදිලි කිරීමක් කරනකන් එයා බලන් හිටියා.

ඒත් දවස් දෙකක් ගෙවී ගිහින්. අධිරජු ආවෙ නෑ.

ජන්ග්කුක්ට තවත් මේ දේ දරාගන්න බැරි වුනා. මෙහෙම දෙයක් කවදාවත් වෙලා තිබුනෙ නෑ.

එයාගෙ හිතුවක්කාරකම පැත්තකින් තිබ්බ ජන්ග්කුක් පසුදා උදෑසනම ප්‍රධාන මාළිගයට පිටත් වුනා.

"මට අධිරජුව හම්බවෙන්න ඕනෙ." ජන්ග්කුක් මග හරස් කරන් ඉන්න අධිරජුගෙ ප්‍රධාන සේවකයට සැරෙන් කිව්වම සේවකයා කලබලෙන් බිම බලාගෙන කියන්න වචන හෙව්වා.

"අ-අධිරජුව දැන් මුනගැහෙන්න බෑ උතුමාණනි."

"ඇයි?" ජන්ග්කුක් නළල රැල් කරන් ඇහුවා.

"අ-ආ එ-එතුමා මේ වෙලාව කාර්යබහුලයි."

"ඒකට කමක් නෑ මං එතුමාට කරදර කරන්න නෙමෙයි යන්නෙ එතුමාව දකින්න."

ජන්ග්කුක් කිව්වත් සේවකයා මාර්ගයෙන් ඉවත් නොවී හොඳටම බයෙන් බිම බලාගෙන හිටියා. සේවකයාගේ මේ හැසිරීම ජන්ග්කුක්ව කෝපගන්වන්න සමත් වුනා.

"ඉවත් වෙන්න පාරෙන්!"

ජන්ග්කුක් සැරෙන් කිව්වම සේවකයා හොඳටම බය වුනා.

"න්-නොහැකියි උතුමාණනි, එතුමා-"

"අධිරජු මාළිගයේ නෑ." කටහඬක් පිටුපසින් ඇහෙනවත් එක්කම ජන්ග්කුක් ඒ දිහාවට හැරුනා. පිටුපස හිටියෙ යොන්ජුන්. එයා ජන්ග්කුක් ළඟට ඇවිත් ආචාර කලා.

Prohibition Of Empire 👑✨️ || (Complete)Where stories live. Discover now