41

1.1K 214 129
                                    

ජන්ග්කුක් එවෙලෙ හිතුවට ඒක සාමාන්‍ය වේදනාවක් කියලා ඇත්තටම ඒක සාමාන්‍ය වේදනාවක් වුනේ නෑ. වෙනදට වඩා වැඩි වාර ගණනක් දිගින් දිගටම එයාට වේදනාව එද්දි ඔමේගා දැනගත්තා පැටව් දෙන්නා බිහිවෙන්න යන බව.

ඒත් මේ බව නොදැන හිටපු ටේහ්‍යුන් උත්සවය අවසන් කිරීමේ කටයුතු වලට නැවත මාළිගයට ගිහින් හිටියා. ඒත් ටේහ්‍යුන්ට පවා අද රාත්‍රියේ අමුත්තක් දැනුනත් එයාට මොකද්ද කියලා හිතාගන්න බැරුව හිටියා.

"යොන්ජුන්, මට බයයි. මගෙ හිතට අමුත්තක් දැනෙනවා. අද ජන්ග්කුක් වෙනදට වඩා අමාරුවෙන්ද මන්දා ඉන්නෙ." ටේහ්‍යුන් බියෙන් කියද්දි යොන්ජුන් එයාගෙ හියුන්ගෙ උරහිසට හිමින් තට්ටු කලා.

"හියුන් යන්න, මෙහෙ වැඩ වලට වඩා ඔයා දැන් ඉන්න ඕන ඔයාගෙ ඔමේගා ගාව. මං ඔම්මා ගැනයි උත්සවේ ගැනයි බලාගන්නම්." යොන්ජුන් කිව්වම ටේහ්‍යුන් හිස වැනුවා.

"ඔ-ඔව් මං යන්නම්." කිව්ව ටේහ්‍යුන් සූදානම් වුනේ ඉක්මනින් එතනින් යන්න, ඒත් නම්ජුන් එතනට කලබලෙන් දුවගෙන ආවා.

"උතුමාණනි,"

"සෙන්පති? ඇයි කලබලෙන්?" ටේහ්‍යුන් ඇහුවෙ ඊටවඩා කලබලෙන්.

"ක-කලබල වෙන්න එපා ඔබතුමා, ඒත් මේ ගැන ඔබතුමාට කෝකටත් දන්වන්න ඕන කියලා හිතුවා. බටහිර මාළිගය අවට හිටි සෙබළුන් අතුරුදහන් වෙලා." නම්ජුන් ඒක කිව්වම ටේහ්‍යුන් ගල් ගැසී එයා දිහා බලා හිටියා.

"ම්-මොකක්? ඒ ඇයි? උන් කොහේ ගිහින්ද ආ?! අණ කලේ මාළිගයට ආරක්ෂාව සපයන්න කියලා නේද?!"

ටේහ්‍යුන් කේන්තියෙන් පුපුරමින් කෑගැහුවම නම්ජුන් තවත් හිස බිමට නැඹුරු කරගත්තා.

"මං තව සෙබළ පිරිසක් ඉක්මනින් යොදවන්නම්, ඔබතුමා බිය වෙන්න එපා."

"ඉක්මනින් කරනවා!" ටේහ්‍යුන් කිව්වා.

"උතුමාණනි!"

ඊළඟට එතනට සූබින් දුවගෙන ආවම යොන්ජුන් පවා පුදුමයෙන් එයාගෙ ඔමේගා දිහා බැලුවා. ඒත් සූබින්ගෙ මුහුණෙ නම් ලස්සන හිනාවක් ඇඳී තිබුනා.

"සුබින්?"

යොන්ජුන් කිව්වම සූබින් නම් කලේ ටේහ්‍යුන්ට හිස නමා ආචාර කරපු එක.

Prohibition Of Empire 👑✨️ || (Complete)Where stories live. Discover now