"මගේ මේස් කෝ අප්පච්චී...."
"තාත්තිගෙන් අහන්නකො පුතේ....
එයා තමා ගෙනත් දැම්මෙ...""එයා බාත්රූම් එකේ අනේ....රැවුල කපනෝ...."
"මම ඇදුම් අයන් කරනවනෙ පුතේ, පොඩ්ඩක් හොයන්නකො..."
මිහී සද්දෙන් අඩි තිය තිය තරහෙන් කාමරේ ඇවිදිනවා මෙහෙට ඇහෙනවා....
"අනේ තාත්ති....හොයලා දෙන්නකෝ..."
"කෑගහන්නෙපා ළමයෝ , රැවුල නෙවේ මගේ බෙල්ල කැපෙනවා තව පොඩ්ඩෙන්...."
"දෙන්නම එකයි....මට මේස් හොයලා දෙල්ලෙත් නෑ.."
කාර්යබහුල කාලෙ මැද්දෙ වුණත් ඔය වගේ පුංචි පුංචි රණ්ඩු සිද්ධ නොවුණම නෙවෙයි.....
සතියක් විතර ගතවෙලා...
තාමත් ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා,
හැමදාම උදේම ගියාම එනකොට හවස් වෙනවා, නිවාඩුවක්වත් ගන්න අමාරුයි, ඉරිදා විතරයි එකම නිවාඩුව...ඒත් මම වැඩ මැද්දෙ වුණත් ආශිට කීප පාරක්ම කතා කරන්න අමතක කලේ නෑ....
මොකද මට එයා ගැන වද වෙන එක නවත්තගන්න බැරිවුණා,කියලා කියලා එයාව බොහොම අමාරුවෙන් තමයි කැමති කරවගත්තේ ජොබ් එකට ගන්න.....
එයා මුරණ්ඩුයි....මම කියන දේ අහන්නෙම නෑ....අන්තිමේදි කැමති වුණේ දරුවො නිසා... කවුරුහරි සද්දෙන් කතා කරත් බයෙන් ගැහෙන, තාත්තා කීවම වෙවුලන පොඩ්ඩියෝ දෙන්නගෙ අනාගතේ ගැන මම මතක් කරපු හින්දා....
එයාගෙ හස්බන්ඩ්ට ජොබ් එක ගැන කීවම එයා හොදටම රණ්ඩු කරලා තිබ්බා....හිටියත් වැඩක් නැති මනුස්සයව අතෑරලා දාන්න කීවත් ආශි තාමත් ඒ මනුස්සයට ආදරෙයි...
ඒත් දරුවො දෙන්නා වෙනුවෙන් එයා ජොබ් එක කරන්නත් ලෑස්තියි....
මම එයාලට නවතින්න පොඩි ගේකුත් හොයලා මේදු එක්කත් ජොබ් එක කතා කරගත්තා...
මට වුණත් ආශි ගැන බලන්න පුලුවන්, එයා ජොබ් කරන්න ඕනෙ නෑ....
ඒත් එයා කැමති නෑ නොමිලේ උදව් ගන්න ..ඉතිං මේදු එක්ක මම එකගතාවෙකට ආවෙ මගේ අතිනුත් ගාණක් එයාගෙ පඩිය විදිහට හොරෙන් හරි එකතු කරන්න,
මට බඩු ටිකක් වුණත් ගෙනත් දෙන්න පුලුවන්නෙ....නිතරම එයාලා ගැන බැලුවහැකි....
YOU ARE READING
මතකයට හොරෙන් ✔️
Fanfictionඅතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction