"අප්පචිචි....තව උඩට ටිකක් හරිද?? අන්න හරි.....දෙපැත්තම කෙලින් තියෙන්න හදන්නකො, ඔහොම බෑ අනේ..."
උදේම මම අඹ ගහ උඩ......
යකෝව් බිම බලන්නත් බයයි, කවදා කරපු වැඩද මෙව්වා,
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී කීවට මේවත් කරන්න වෙයි කියලා හිතුවෙ නෑ..මම මේ පරණ දිරපු ඔංචිල්ලාව ගලවලා අලුත් එකක් බදිනවා.....
මිහී අඹ ගහ පාමුලට වෙලා ලොක්කයියා වගේ උපදෙස් දෙනවා.....මිහීගෙ කීකරු අතවැසියො දෙන්නත් පරිවාරෙ වගේ පිටිපස්සෙන් ඉනට අත් තියන් උඩ බලන් ඉන්නවා...
"තා උදත බදින්න එපා....මතත් පදින්න ඕනෙ...ඔය ඔය ඔහොම නෙමේ ඉතිං ..පාත් කරන්න තා ටිකක්, පාත් කරන්න "
නෙතූ අත් දෙකත් උස්සලා කෑ ගහනවා ,
"සිතූ , කට වහගන්නකො ඔයා, මං තමා අයියා, මටෝනෙ විදිහට බදින්නෙ"
මිහී පණ්ඩිත මූණක් හදන් කියනවා....
නෙතූ ඔලොක්කුවට හිනාවෙනවා.....
මොකද මිහීට නිවුන්නු දෙන්නව මාරු වෙලා, එයා සිතූ කීවෙ නෙතූට.නෙතූගෙ නළල අයිනේ ලපයක් තියෙනවා, සිතූගෙ නෑ.
ඒ ලපෙන් තමා මම අදුනගන්නෙ දෙන්නා වෙන් කරලා,
නැත්තං දෙන්නම එක වගේ..
ඒත් මිහී තාම ලපේ දන්නෑ...එයා දෙන්නව මාරු කරගන්න එක එයාලට විනෝදයක් ........."ඇති ඇති කෑ ගැහුවා...මම ඔංචිල්ලාව බදින්නෙ ඔක්කොටම පදින්න පුලුවන් වෙන්න...හරිද.."
මම රණ්ඩුවක් වෙන්න කලින්ම කිව්වා....
දවස් දෙකට පොඩ්ඩො තුන්දෙනාට මේ ගෙදර හැමදාම එයාලගෙ ගෙදරක් වගේ වෙලා......
මිහීට නං එයාගෙ තාත්තියි අප්පච්චියි ඉන්න ඕනම තැනක් ගෙදර.....
ඉදහිට අම්මා මතක් කරත් නෙතූයි සිතූ යිත් දැන් අපට හුරුවෙලා.....
දවල් වරුවම සෙල්ලම් කරනවා, හිනාවෙනවා ......
කලින් තිබ්බ බය වෙන,ලැජ්ජා වෙන ගති කොහෙන් ගියාද හොයන්න නෑ.....
මිහී එක්ක හරි හරියට කටකාර කමට කියවනවා...ඒත් රෑ වෙනකොට ටිකක් එයාලා බයයි...
ඊයෙ රෑත් සිතූ බයවෙලා අම්මා හොයන් ඇහැරියත් අපේ ඇදට අරන් ඇවිත් මම තුරුල් කරන් නිදිකරාට පස්සෙ හොදට නිදාගත්තා....
YOU ARE READING
මතකයට හොරෙන් ✔️
Fanfictionඅතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction