3 කොටස

439 42 22
                                    

අම්මා එක්ක කියව කියව ඉඳලා එයා ටී වී  බලන්න ගියාම මම ආයෙත් සේප් එකේ මගේ සුවඳ පිරුනු පුම්චි කාමරේට රිංගගත්තා.

අඤේ මයෙ සප්තලම් පෝං එක, මං නැතුව පාලුවෙන් ඉන්න ඇත්තෙ.ආය ආශ්‍රේ කරන්න ගන්න ඕනෙ.ෆෝන් එක උනත් ඕනවට වඩා තනියම තියලා හිත රිද්දන්න හොඳ නෑ.එයාව බලාගන්න එක මගෙ වගකීමනෙ ඉතිං.අම්මෝ මේ පුංචි මම කී දෙනෙක්ව කියලා නම් බලාගන්නද,වෙලාවකට මේ වගකීම් හරි බරයි අප්පා.

මම ෆෝන් එක අරන් සින්දුවක් ප්ලේ වෙන්න දාලා මනෝපාරක් ගහන්න ගත්තා.අඩෝ ඒ අස්සෙ වහින්නත් ගත්තා.ම්ම්ම්ම්....නා.......යිස් මේ ෆීලිං එක නම් පට්ට.මම මගේ ජීවිතෙ ගැන හිතන්න ගත්තා.අනේ මන්දා මේක ඉතිං ඔහෙ ගලාගන යනවා.

මතක් කරලා සතුටුවෙන්න තරම් මතක මගෙ ජීවිතේ හරි අඩුයි.එහෙම සතුටු මතක කියලා තියෙන්නෙ අම්මායි අයියායි මායි එකට ඉන්න වෙලාවල් වල කෙරුව එක එක දේවල් තමයි.ඇත්තටම අයියටයි මටයි සුන්දර ලමා කාලයක් තිබ්බෙ නැති තරම්. ඒක ටිකක් හරි සුන්දර උනා නම් උනේ අපේ අම්මාටයි,අම්මම්මාටයි අත්තාටයි පිං සිද්ද වෙන්න තමා.

සාමාන්‍යයෙන් මට යමක් කමක් තේරෙන කාලෙ ඉඳන් අපේ ගෙදර හැමදාම රන්ඩු.රන්ඩු කියන්නෙ තාත්තා බීලා අම්මට බනිනවා ගහනවා.බඩු පොලවෙ ගහනවා.අපේ තාත්තාට රන්ඩු වෙන්න බනින්න හේතු ඕනෙ නෑ.මම මොන්ටිසෝරි යන කාලෙ වගේ ඉඳන්ම තාත්තා අම්මට ගහන්න යද්දි බේරගන්න කියලා මැද්දට පනිනවලු.ඒ එකපාරක් තාත්තා මාව අල්ලලා විසිකරලා බිත්තියක වැදිලා.අයියාත් පොඩියිනෙ ඌ කෑ ගහලා අඬලා,අපි ඔක්කොමව ඔයා මරන්නද හදන්නෙ කියලා.ඊටපස්සෙ ඌත් ගුටිකාලා.

ඒ කාලේ තාත්තා අපි එක්ක එච්චර කතාවක් නෑ.එච්චර නෙවේ කොහොමත් කතා කරන්නෙම නැති තරම්.හැබැයි බිව්වෙ නැතිවෙලාවට අපිට එයාගෙන් කරදරයක් නෑ.අපි එක්ක කතා නොකර හරි පාඩුවේ ඉන්නවා.ඉස්සර තාත්තා බොන්නෙ දවසක් ඇර දවසක් වගේ රෑට.ඉතිං ඒ කාලෙ ඉඳන්ම මම රෑ වෙනවට හරි බයයි.ඒ පුරුද්දටද කොහෙද දැනුත් රෑ වෙනවට එච්චර කැමති නෑ.

පුංචි කාලෙ ඉදන් දවසෙ වැඩි කාලයක් මනුස්සයෙක්ට බයේ ජීවත් වෙන්න වෙනවා කියන්නෙ ඒක මහ කරුමයක්.හැමවෙලේම හිත බයේ ඉන්නෙ තාත්තා අම්මාට ගහයිද,ගෙදර රන්ඩු වෙයිද කියලා.මොකද මගෙ ඇස් දෙක ඉස්සරහම තාත්තාගෙන් ගුටිකාලා අම්මා කලන්තෙ දාලා  වැටිලා තියනවා. ඒ වෙලාවට අයියයි මායි කරේ කෑ ගහලා ඇඩුව එක විතරයි.ඌයි මායිත් ඒ කාලෙ පුංචි නිසා තාත්තා එක්ක ඔට්ටු වෙන්න හරි අමාරුයි.හැමදාම තාත්තා  රන්ඩු වෙද්දි මගෙ ලොකුම මිශන් එක තමා අම්මාට එක පාරක්වත් තාත්තගෙන් වදින්න නොදී බේරගන්න එක.ඒ වෙනුවෙන් මම කොච්චර ගුටි කෑවත් මට ගානක් නෑ.ඒක මට ඒ වෙලාවට  දැනෙන්නෙත් නෑ.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now