දහතුන් වන කොටස

2.7K 351 48
                                    

"මොකද්ද සිතුමෝ මේ දැන් අපි දැකපු ඩ්‍රාමා එක..." සිතුම් මූණ හෝදන අතර මනීශ ඇහුවේ...

"එලියට ගිහින් කතා කරමු බං කොමඩ් වලටත් කන් තියනවා මේක ඇතුලේ... ඊට පස්සේ අහන් ඉදලා දැක්ක වගේ කිය කියා ඇවිදී මේකෙ උන්"

සයුරු එහෙම කියනකොට තුන් දෙනාම හිමීට වොශ් රූම් එකෙන් එලියට ආවා... ඒකත් ඇත්ත මේවයි ඉන්න සමහර කොල්ලෝ චීත්ත වලටත් එහායි... මොකක් හරි දැනගත්තම ඒක පතුරවන්නේ කපුටු පිහාටුව කපුටො හතක් කල්ලා නෙවෙයි... කපුටු පිහාටුව ඉබ්බගේ කට්ට කරලා...

"මං දන්නැහැ බං ශේන් අයියට ගොඩක් තරහා ගිහින්... මං ජීවිතේට එයා එහෙම ඇති කියලා හිතුවේ නැහැ.. මට කෑ ගැහුවා සද්දෙන්..."

"ඌට පිස්සුද බං... ඕවර් ඇක්ටින් දාලා තියෙන්නේ...."

"අනේ මන්දා බං... අපිට ප්‍රිෆෙක්ට් බැජ් නැති වෙයි කියලා ඌ බය වෙලා තියෙන්නේ..."

"ඒකෙනම් පොඩි හිතන්න මෙව්වා එකක් තියනවා බං... ඒකට ඌ මොකටද නැට්ට පාග ගන්නේ...  අනික ඔතන බහු වචන නැහැ බං... අපි නෙවෙයි උබ කියන්න ඕනි මට කියලා... ඌ බය උබට ඒක නැති වෙයි කියලා... සිරාවට ඌ උබට ලව්වත්ද..."

"ඒකනම් දැන් මටත් සැකයි මනීශ... මොකක්ම හරි සීන් කෝන් එකක් තියනව වගේ මෙතන... ඌ හැම මගුලකටම තියාගන්නේ උබව... කවුරුත් නැති පාලු ප්‍රිෆෙක්ට් රූම් එකේ උබව තනියම තියාගන්න ශේන් අයියට පුදුම ආසාවක්නේ තිබුනේ... දැන්නේ වැඩේ තේරෙන්නේ..." සයුරුත් කතාවට එකතු උනා

"අනේ පල බං... එහෙම එකක් නැහැ... එහෙම උනාම එයාටත් ඒක හරි නැහැනේ... මොකද එයාට එයාගේ ප්‍රිෆෙක්ට් බැජ් එක කන්ට්‍රෝල් කරගන්න බැහැ වගේ අදසකුත් ඒකෙන් එනවනේ..." සිතුම් ඉක්මනට වෙන පොයින්ට් එකක් දැම්මේ මුන් දෙන්න කියන්න හදන එකෙන් ගැලවෙන්න

"රෙද්ද තමා... අනිත් එක එතනට අශීල් කාරයා ආවේ කොයි වෙලේද... අනික මොකද උබ ඌට තුරුල් වෙලා අඩුවේ..." ඒ ප්‍රශ්නේ මනීශගෙන්

"ඒකනම් මාත් දන්නැහැ... ශේන් අයියා එක පාරට තල්ලු කරපු පාර මට බැලන්ස් නැති උනා.. එයා හයියෙන් නෙවෙයි තල්ලු කලේ... එවෙලේ මම අඩමානෙට කකුල තියන් ඉදපු නිසා වැටෙන්න ගියේ... මහී කාන්තාව සිපගන්න තප්පරෙනුත් පංගුවක් තියනකොට කවුරු හරි එකෙක් ඇවිත් මාව ඇදලා අරගත්තා... බැලින්නම් අර අශීලයා... මම එවෙලේ කන්ෆියුස් වෙලා හිටියේ බම්... මං උන්නු තැනම ඇඩුවා.. අනික ටික වෙලාවක් යනකම්ම මම ඒ අශීල් කියලා දැනන් හිටියේ නැහැ..."

සත්මිණWhere stories live. Discover now