1

115 10 2
                                    


අවිස්සාවෙල්ල බස් එකක් නවත්තල තිබ්බ තැනින් බස් එක දිහා බලාගෙන ආව මං එතන තිබ්බ ශෙඩ් එක ගාව නැවතිලා අතේ තියාගෙන හිටිය ලට්ට ලොට්ට දාගත්ත බෑග් එක බිමින් තියාගත්තෙ අතේ හිරි අරින ගමන් .. දැනිල තියෙනවද බස් එකක පැය තුන හතරක් ඉදගෙන හිටියම එන වේදනාව . දැන් මගෙ පස්ස රොටියක් වගේ වෙලා .. එ මදිවට පලුයන්න තරම් කසන්න පුලුවන් කැසිල්ලකුත් ඇවිල්ල තියෙද්දි දත් මිටි කාගෙන මං පුලුවාන් තරම් ඉවසගෙන හිටියෙ පාර මැද්දෙ තට්ටම කසන්න බැරි හින්ද .. අම්මට !! මගුල .. කසනවනම් පලු යන්න කසෑහැකි ... ඒ මදිවට කොන්දත් කැක්කුමයි ... පැය ගානක් බස් එකේ නිදාගෙන ආව නිසාද මන්ද හෝන්දු මාන්දු ගතියකුත් තියෙනව .. බිමින් තිබ්බ බෑග් එක ඇරල වතුර බෝතලේ හෙව්වත් කඩෙන් ගත්ත වතුර බෝතලේ ඉවර උනානේද කියල මතක් උන මං වතුර බොන අදහස අතෑරල දැම්මෙ ආයෙ වතුර ගන්න කඩවල් හොයන්න ගිහිල්ල බස් එක මගෑරුනොත් කියල ..

" මේ එක්ස්කියුස් මී  , ගල්කිස්ස බස් ගහන්නෙ කොහෙද ..?"

" ගල්කිස්ස බස් ගහන්නෙ පාරෙ එහාපැත්තෙ මල්ලි .. ආන් අර කහ ඉරෙන් පැනල ඉස්සරහටම ගිහිල්ල අර පේන බස් ටෑන්ඩ් එකට යන්නකො .. එතනින් තියෙනව ගල්කිස්ස බස් .."

" හරි අන්කල්"

මුගෙ අම්මට .. මං අංකල් කිව්ව ගමන් මිනිහගෙ මූන නරක්වෙච්ව්ච වැලගෙඩියක් වගේ වෙද්දි මං පාර පැනල බස් ස්ටෑන්ඩ් එක දිහාට ඇවිදින්න ගත්ත .. අවුරුදු විස්සක් වෙන මට මට වඩා දෙගුනයක් විතර වයස මිනිහෙක් මල්ලි කියද්දි පපුව හෝස් ගාල යන එක අහන්නත් දෙයක්ද .. ඒ මදිවට කලින් බස් එකේ එද්දි එතන හිටපු නාකි ආච්චියෙක් මල්ලි වෙලාව කියද කියලත් ඇහුව .. චික්කේයිය එතන හිටපු කෙල්ලො ටිකත් හැරි හැරි බැලුව .. ඒ මදිවට බතල ඇන්ටි කෙනෙක් ඒකිගෙ හීල් එකකින් කකුල පෑගුව මදිවට බ්‍රේක් එකක් ගැහුව පාර ඒකි එක්කම මාව බස් එකේ කෙරෝලටම විසි වෙලා ගිහින් දොර ගාව යකඩ පොල්ලක ඔලුව දඩාං ගාල වැදුව .. කකුල නොන්ඩි ගහද්දි තාම ඔලුව වැදුන පාර දැනෙනව දැනෙනව වගේ තියෙද්දි මං ගිනි කාශ්ටක අව්වෙ ගල්කිස්ස බස් එක හෙව්ව ..

" අන්කල් .. ගල්කිස්ස බස් එක ගහන්නෙ කොහෙද .. "

" බස් එක ගහන්නෙනම් ගල් කිස්සෙ තමයි .. මෙහෙන් නැග්ගොත් ගල්කිස්සෙන්ම බැස්සැහැකි .. "

Br€th Of My life🍀Where stories live. Discover now