2

37 9 1
                                    

මං හිටියෙ ජනේලෙන් එලිය බලාගෙන .. හවස ඉර බැහැගෙන ටික ටික යන්න යද්දි තැබිලි පාට අහස දිහා බලාගෙන මං පැය භාගෙකටත් වැඩිය හිටිය ..

" දැන් උබ මොකද කරන්න හදන්නෙ කියපන් ශාක්‍ය ! .. "

" වෙන මොනවද .. මං දැං කිව්ව දේම තමයි .."

" උබට මොලේ අමාරුවවත් හැදීගෙන එනවද ..? මං උබට ඉස්සර වෙලත් කිව්ව , මේක හරියන්නෑ .. උබ මේ මගුල් වලට පැටලෙන්නෑ .. ආයෙ මං නොකිව්වයි කියන්න එපා .. "

"අයියෙ ඇයි මෙහෙම හැසිරෙන්නෙ .. මගෙ අප්ප කියන මිනිහ අම්ම මැරිල තුන්මාසයක් යන්න කලින් ගෑනියෙක් බැදල ගෙදර එක්ක ආවම ඒ මං ගෙදර බල්ල ගානට වැටුන .. අන්තිමට ඒ හිර ගේ අස්සෙ ඉන්න බැරිකමට මං පාරට බැස්සම මට හෙවනක් උනේ උබල .. අවුරුදු පහක් තිස්සෙ උබල මට පව්ලක් උනා .. කිසිම අඩුපාඩුවක් නොකර කන්න බොන්න ඇදුම් පැලදුම් පවා දෙද්දි මට බෑ උබට තවත් බරක් වෙන්න අයියෙ .. දැන් ඇති .. උබ වෙනුවට මං මේ බර කරට ගන්නම් ..! .. මට පුලුවන් උබ වෙනුවට පොලී මුදලාලි ගාව වැඩට යන්න ..!.."

" උබට .. උබට කියල වැඩක් නෑ යකෝ .. තොට ඕනෙ අර තිරිසනා ගාව වැඩ කරන්නද ..? ආ යකෝ .. උබට කන්න බොන්න දීල ඉන්න බලාගත්තෙ මට හිලව්වට උබව අර බල්ල ගාවට වැඩට යවන්න නෙමේ #ත්තිගෙ පුතෝ !!.. කියපන් කැත්තක්වත් අල්ලල පුරුද්දක් නැති උබට තුවක්කු අල්ලන්න පුලුවන්ද කියල ..! .. යකෝ මං තාම මැරිල නෑ ඒ කාලකන්නිය මාව මැරුවත් කමක් නෑ හැබැයි තොගෙ අත්වල ලේ ගෑවෙන්න මේ අයිය හුස්ම ගන්නකන් ඉඩ දෙන්නෑ කියල මතක තියාගනින් ..!.. උබට ඕන්නම් මේ අයියගෙ මලකද උඩින් පලයන් ඌ ගාවට .."

මං හිටියෙ මොනව කියන්නද කියල හිතාගන්න බැරුව .. අයිය අයිය කිව්වට මට වඩා අවුරුදු දහ අටක් වයසින් වැඩිමල් .. යන්න එන්න තැනක් නැතුව උදේ පාන්දර පාරෙ කඩපිලක් ගාව ඉදන් ඉද්දි ඒ කඩේට ඉදිආප්ප පාර්සල් වගයක් දාන්න ආව මනුස්සය තමා මේ මගෙ අයිය .. එදා ඉදන් මේ මගෙ සහෝදරය ...තාත්තෙක් නොවී තාත්තෙක් උන කෙනා .. යාලුවෙක් තියා මාලුවෙක් හිටියෙ නැති මට හොද යාලුවෙක් උන කෙනා ... ඉතින් ඒ මනුස්සය වැටෙන්න පුලුවන් අඩියටම වැටිල ඉද්දි මට පුලුවන්ද ගල් ගිල්ල වගේ බලන් ඉන්න .. මට ඕනෙ කලගුන සලකන්න ...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 20, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Br€th Of My life🍀Where stories live. Discover now