01

186 23 13
                                    

Target escaped.... I repeat Target escaped !!
පාන්දර 1ට විතර බිම වැටිලා තිබ්බ වෝකී ටෝකී එකෙන් ඒ සද්දේ ඇහෙද්දි ඒකට ප්‍රතිචාර දක්වන්න කවුරුත් හිටියේ නෑ. ඊට එහා පැත්තෙන් දෙන්නෙක් වෙඩි වැදිලා කලන්තේ දිලා හිටියා.

Bang ....Bang.......🔫💥
පාළු ගොඩනැගිල්ලේ ඇතුලෙන් ඒ සද්දේ ඇහෙද්දි තැන තැන හිටිය පිරිස alert වුනේ තාම එයාලගේ ඉලක්කේ අල්ල ගන්න බැරි වීමත් සහා එයලගේ කණ්ඩායමේ කට්ටියගෙන් මේ වෙද්දි ප්‍රතිචාර අඩු වේවී තිබ්බා. ආපු 9 දෙනාගෙන් හතර දෙනෙක් දැනටමත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ඉතුරු අය ඉන්න තැන්වලම හැංගිලා හිටියේ හදිසි වෙලා තමන්ට අනතුරක් වෙයි කියලා. ඒ වගේම මේ විශාල පරණ ගොඩනැගිල්ල ඇතුලේ ඉන්න එයාලගේ ඉලක්කය කොහොම හරි අද අල්ල ගන්න ඕන නිසයි.















සර් අපිට හතර දෙනෙක්ගෙන් කිසිම response එක්ක නෑ....
Computer තිරයට ඇස් යොමු කරන් ලෝකේෂන් චෙක් කර කර කනේ රදවගෙන හිටිය earphone එක ආයේ press කරලා එයාලගේ කණ්ඩායමෙන් කෙනෙක්ව සම්බන්ධ කරගන්න උත්සහා කරන ගමන් තද කළු කෝට් එකක් ඇදගෙන අත් දෙක පිටිපස්සට බැදගෙන එම ඔෆිස් කාමරයේ තියෙන විශාල තිරයේ පේන ලොකේෂන් එකේ පෙන්නන map එක බලාගෙන හිටිය කෙනාට කිව්වා.

📲.....📲.........

Target එක ලගට ඇදෙන රතුපාට dot එක බල බල හිටිය කෙනාට කෝල් එකක් එද්දි කට කොනෙන් හිනා වෙවී ඒ කෙනා phone එක ආන්සර් කරා.

වැඩේ පටන් ගන්න හොසෙක්!
එහෙම කියලා ආයේ පෝන් එක සාක්කුවට දාගෙන එයාට කලින් කතා කරපු කෙනා දිහාට හැරුනා.

Coffee එකක් බීලා එමුද කායි?....
ඒ කෙනා අහද්දි කායි එයාගේ ඉහල නිලදාරියා දිහා බැලුවේ මෙච්චර වැදගත් operation එක්ක වෙන වෙලාවේ ඒ වගේම කණ්ඩායමෙන් කිසිම කෙනෙක්ව contact කරගන්න බැරුව ඉන්න වෙලාවේ කොහොමද මෙච්චර relax වුනේ කියලා.

-සර්-

Relax කායි යමු ගිහින් coffee එකක් බීලා එමු....තව විනාඩි දහයකින් අපිට main prison එතට යන්න වෙනවා.......
එහෙම කිව්ව කෙනා කායිට කතා කරද්දි කායි බැලුවේ එයාගේ officer කලික් බැලුව screen එක දිහා ඒකේ රතු dot එක එයාලගේ මාර්ක කරපු තැන තියනවා දැක්කම

CASE FILE 1993 Where stories live. Discover now