Chapter 31

74 14 10
                                    

A n g e l •••♡
Chapter 31.
©

කාටවත් නොදුන්න ඒ තැන
අද උබට ලියල දීලා
මං කර ගන්නෙ වරදක්ද මැණික..?! ✨️🥀

*  *  *


















වර්ෂා වොෂ් එකක් දාගෙන එනකොට ජංග්කුක් සුදු ටී ෂර්ට් එකකුයි අලු ට්‍රවුසර් එකකුයි ඇදගෙන සෝෆා එකේ ඉදගෙන හිටියෙ...

නිකන්ම නෙවෙයි... වර්ෂා ජංග්කුක් ආස වෙයි කියල හිතල ඊයෙ ගෙනත් තියන්න කියපු ගිටාර් එකත් ප්ලේ කරන ගමන්...




















වර්ෂා හිටියෙ bathrobe එක පිටින්... ඒත් ඒක වර්ෂාට ගාණක් උනේ නෑ... වර්ෂා කෙලින්ම ඇවිල්ල ඇදේ වැතිරුනේ ගතට වගේම සිතටත් දැනුන මහන්සියට...

වර්ෂා දුර්වල පොඩි එකියක් කාලෙ ඇඩුවට පස්සෙ පලවෙනි වතාවට ජංග්කුක් නිසා අද ඇඩුව... බාතෲම් එකේ පැය 2ක්ම වොෂ් කරන්න ගියේ ඒ නිසා...

ඒ ඇස් රතු වෙලා තියනව ජංග්කුක් දැක්කෙ නෑ... මොකද එයා ගිටාර් එකට සම වැදිල හිටියෙ... වර්ෂා ආව කියල දැනුනත් වර්ෂාට අවදානෙ දෙන්න ඕනි උනත් දුන්නෙ නෑ...

වර්ෂාගෙ අත ගැඹුරටම කැපිලා තිබුනෙ... දැනටත් වර්ෂා ආයම පාරගෙන තිබුන ඒ තුවාල යම්තාක් දුරට bleed වෙනව...

ඒත් වර්ෂාගෙ තුවාල ගැන හොයල බලල බෙහෙත් දාපු සොමී අද ලග නැතිකොට ඒව ගැන වර්ෂාට කිසි තැකීමක් තිබුනෙ නෑ...

වර්ෂා ඇදේ හාන්සි වෙලා head board එකට කොට්ටයක් තියල හේත්තු උනේ නිදා ගන්න ඕනිකම තිබුනත් සද්ද ඇහෙද්දි නිදා ගන්න වර්ෂා ආස නැති නිසා...

වෙනදටනම් වර්ෂා නිද ගන්න වෙලාවට සද්ද ඇහුනොත් mansion එකම දෙවනක් කරනව.. ඒත් අද වර්ෂා ඇස් පියාගෙන අතීතයට ඇහුම්කන් දෙන්න උනා...

ඒන්ජල්! ප්‍රින්සස්! වරූ! වයිෆි! ජංග්කුක්ගෙ ආදරණීය වචන අද වර්ෂාට ඇහෙන්නැතුව ගිහින්... හැම වෙලාවකම මොන වැරැද්ද කලත් ඉවසන කොල්ල අද හැම තප්පරේම වර්ෂාට බැනගත්ත ගමන්...

වර්ෂාට ඕනි උනා ආය එහෙම ඉන්න.. ජංග්කුක්ට ආදරේ දෙන්න.. ඒත් ජංග්කුක් සූදානම් නැත්තම්???

වර්ෂාට මතක් උනේ තමන් දාගෙන හිටිය ග්ලව්ස් එක ජංග්කුක් ඉස්සරහම ගලවද්දි රතු පාට වෙලා තිබුන බැන්ඩේජ් එක දිහා එක පාරක්වත් නොබලා තමන්ව totally ignore කරපු විදිය...

Aɴɢᴇʟ||ᴊᴋ ғғ🥀🐰Where stories live. Discover now