❤️𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟏𝟔❤️

57 8 8
                                    

Back To Present .......
(අර යේජින්ට ඔෆිස් එකේ කරදර කරන්න හැදුව තැන ඉදන්  )

YJ - සො...සෝහ්‍යුන් ඔ...ඔ..ඔයා මොකද මෙ..මෙතන ක..කරන්නේ .

යේජින් සෝහ්‍යුන්ව දැක්කාම කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා මොකද එයාගේ නරක අතීතෙට වග කියන්න ඕන එක්කෙනා ආයෙත් එයාගේ ඇස් ඉදිරිපිට ම ඉන්නවා දකිද්දී කියන වචන පවා ගොත ගැහුනා .

SH - Oh මාව අදුරගත්තා නේද babe ..මන් හිතුවේ මාව අමතක වෙලත් ඇති කියලා. බලන්නකෝ ඔයා මාව හිතේ තියාගෙනම ඉදලානේ.

YJ -නැහැ .. ඒක වෙන්න බෑ. මෙයා කොහොමද මෙතන ඉන්නේ . මෙයා ඉන්න ඕනේ හිරේ නේ. මෙයාට කවදාවත් නිදහස් වෙන්න බෑ. මොකක්ද මේ වෙන්නෙ දෙවියනේ ??

යේජින් එහෙම දෙයක් කිව්වේ යේජින් හිතන් ඉන්නේ සෝහ්‍යුන් ජීවීතකාලෙටම හිරේ ගියා කියලයි . ඔව් එදා ජින් ජූන් හාරි දොන්ග්වුක් ඒ කට්ටියම යේජින් ට කිව්වේ සෝහ්‍යුන් ජීවිතාන්තය දක්වා හිරේ ගියා කියලයි . මොකද ජින් ජූන් ට ඕන උනේ නෑ යේජින් ආයේ විදවනවා දකින්න.

සෝ හ්‍යුන් අවුරුදු හතකට හිරේ ගියා කියලා දැනගත්තොත් පස්සෙ නිදහස් වෙලා ආයේ එයාව හොයා ගෙන එයි කියන සිතුවිල්ල යේජින් ගේ හිතේ ඇති වෙයි කියලත් පස්සේ යේජින් ඒක ගැන හිත හිත මානසිකව වැටෙයි කියලා එයාලා බය උනා. ඒකයි එහෙම දෙයක් යේජින්ට කිව්වේ.

SH - oh c'mon girl.. ඔයා මුකුත් දන්නෙ නැ කියලා කියන්න එපා. ඇයි මාව අවුරුදු හතකට හිරේ යැව්වා කියල තමුසෙට මතක නැද්ද.

YJ - මො.මොහ්..අවුරුදු හතකට . නෑ. බොරු කියන්න එපා තමුසේ හිරේ ගියේ ජීවිතකාලෙටම. ඔප්පා මට කිව්වේ එහෙමයි. ඒක වෙන්න බෑ..

යේජින් අඩ අඩ සෝ හ්‍යුන්ට කිව්වා.

SH - මොකක්..හාහ්හහ්හාහාහහ්හ.

YJ - ඔප්පා මට කවදාවත් බොරු කියන්නේ නෑ.. තමුසෙයි මට බොරු කියන්නෙ.

SH - තමුසේගේ මහලොකු ඔප්පගෙන් ම ගිහින් අහනවා ඇත්ත නැත්ත.

සෝහ්‍යුන් එහෙම කියන ගමන් යේජින් දිහාවට අඩිය තිය තිය ආවේ බඩගින්නේ ඉන්න වෘකයෙක් එයාගේ ගොදුර ඩැහැගන්න රසවිදින්න එනවා වගේ ..

✡❦ 𝕃𝕠𝕧𝕖 𝕆𝕗 𝕊𝕠𝕦𝕝𝕤 ❦✡ | 𝐏𝐉𝐌 |Where stories live. Discover now