❤️𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟐𝟏❤️

30 7 15
                                    

"එ-එතකොට එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" ජිමින්ගේ කටින් ඉබේම පිටවුනේ බලාපොරොත්තු කඩවූ හඩකිනි.

ඔව් ඒ හිටිය එක්කෙනා ජිමින්. හවස හෝසෝක් ජිමින් ගේ ඔෆිස් එකට ගියාට පස්සේ කේපොප් ෆෙස්ටිවල් එකේ ටිකට් එකක් ජිමින් ගේ අතට දුන්නේ ඒකට එන්න කියලා. ඒත් ජිමින් ට එන්න එච්චර හිතක් තිබ්බේ නැහැ ඒ යේජින් අද ඔෆිස් ආවේ නැති නිසා.හවස ජිමින් ඔෆිස් එකෙන් පිට වුනේ ඉක්මනට ගෙදර යන්න කියලා ඒත් කේපොප් ෆෙස්ටිවල් එකට එන්න කියල හෝසෝක් කිව්ව නිසාම ජිමින් එහෙම්ම ස්ටේඩියම් එකට ගියා..ජිමින්ට කිසිම උවමනාවක් තිබ්බේ නෑ යන්න ඒත් හිත ටිකක් හැදෙන්නත් එක්ක ෆෙස්ටිවල් එකට ගියා.

ජිමින් ෆෙස්ටිවල් එකට යද්දී ඒක පටන් අරන් තිබ්බ නිසා ජිමින් ගේ ශීට් එකට යන්නේ නැතුව එයා එහෙම්ම පිටිපස්සෙ ශීට් එකකින් වාඩි උනා. ටික වෙලාවක් ඉද්දී නාම්ජූන් එවලේ එයාගේ ශීට් එකට එන එක ජිමින් දැක්කත් ඒත් ඒ නාම්ජූන්ම ද කියලා ජිමින්ට ශුවර් කරන්න බැරි උනා. මොකද නාම්ජූන් ලා හිටියේ ජිමින් හිටිය රෝව් එකට රෝ පහක් වගේ ඉස්සරහින්. ඒ නිසා ජිමින්ට හරියට පෙනුනේ නෑ ඒ නාම්ජූන්මද කියලා. විනාඩි ගානකට පස්සේ ජේහෝප් ගේ ස්පීච් එක යද්දී ජිමින් හොදින් ඒ දිහා බලන් හිටියා.

ජේ හෝප් කිව්ව දේවල් වලින් මතක් උනේ එයාලගේ අතීතය. එයාලා හැමදේම එකට කරපු දේවල්, මේ වගේඑ තැන් වල ඉන්න එයලා කරපු කැපවීම්, විශේෂයෙන් ජේහෝප්. ජේ හෝප් කිව්ව දේවල් ඇත්ත කියලා සාක්ශි දරන්න ජිමින් ගේ ඇස් දෙකට උනපු කදුලු ප්‍රමාණවත් උනා.

"හෝසෝකා මරු ස්පීච් එක පපුවටම දැනුනා කොල්ලෝ"

ජිමින් එහෙම මැසේජ් එකක් ජේහෝප් ට යැව්වට පස්සේ ඒ මැසේජ් එක බලපු ජේ හෝප් සැනින් පිටිපස්ස හැරිලා ජිමින්ට වෙන් ල්කරපු ශීට් එක දිහා බැලුවත් ඒ ශීට් එකේ ජිමින් හිටියේ නැති නිසා ජේ හෝප් ඇහිබම දෙකක්ත් අකුලගෙන ආයේ ෆෝන් එක දිහා බලලා රිප්ලයි එකක් දැම්මා.

"උබ ආවාද"

"ඔව්, උබ ඉතින් එන්නම කිව්ව නිසා එන්නැතුව ඉන්න බැරිඋනා"

✡❦ 𝕃𝕠𝕧𝕖 𝕆𝕗 𝕊𝕠𝕦𝕝𝕤 ❦✡ | 𝐏𝐉𝐌 |Where stories live. Discover now