Episode [1]

1 0 0
                                    

"අනේ කවුරුහරි උදව් කරන්නකෝ, චූටි නෝනා දගලනවා"

"මොකද මොකද මේ කෑගහන්නේ,
ඔහොම ඉන්න දගලන්න එපා ලමයෝ"

"මම පලිගන්නවා, මට කරපු හැමදේටම මම පලිය ගන්නවා"

"මිස් දගලන්න එපා තුවාල වෙයි"

"මාව අතාරිනවා, මට යන්න දෙනවා"

"යන්න ඉක්මනට ගිහින් ජන්හෝසොක් මහත්තයට කතා කරන්න"

"හරි මැඩම්"

[දුරකථනයෙන් අමතමින්]
"හෝසොක් මහත්තයා! හෝසොක් මහත්තයා! , නෝනට ආයෙත් අර අසනීපේ ඇවිල්ලා කෑගගහා දගලනවා, ඉක්මනට පොඩ්ඩක් ඇවිත් බලලා යන්නකෝ"

"හරි ඉන්න මම ඉක්මනට එන්නම්"

"කෝ y/n, කොහෙද ඉන්නේ?"

"චූටි නෝනා කාමරේ ඉන්නේ"

"කලබල කරන්න එපා, හැමෝම එලියට යන්න"

"තියාවෝ ඔයා ආවද? අපි ඌට යහතින් ඉන්න දෙන්න හොද නෑ, අපිට කරපු දේට උගෙන් පලිය ගන්නම ඕන"

[හෝසොක් y/n ගේ කම්මුල් දෙකෙන් තද කරලා අල්ලගෙන ඇස්දෙක දිහා කෙලින් බලාගෙන කවියක් මුමුණන්න පටන් ගත්තා.]

"ඈත සයුරේ තනිවී
                     ඉකිබිදිනා කිදුරියේ
  මෑත අඹරේ තනිවී
                      හඩනා කෙවිලියේ
ඔහු නොආවැයි
                 කදුලු සලනා හංසියේ
කවුරු නාවත්
           තියාවෝ ඔබ ලගයි කුමරියේ"

"හරි දැන් සන්සුන් වෙන්න y/n"

[ජේහොප් කවිය කියලා ඉවර වෙනකොට y/n ගේ ඇස්වල් කදුලු පිරිලා, ජේහෝප් y/n ගේ ඇස්වලින් වැටුණු කදුලු පිහදැම්මා]

"තියාවෝ!!!"

[y/n ජේහොප්ව තදින් බදාගත්තා, එහෙම්මම ජේහෝප්ගෙ උරහිසේ y/n සිහිය නැතුව වැටුනා, ජේහොප් ඉක්මනටම y/n ව ඇදේ හාන්සි කරලා කාමරයෙන් එලියට ගියා.]

"මහත්තයා නෝනට කොහොමද?"

"එයාට ටිකක් විවේකයෙන් ඉන්න දෙන්න. තව ටිකකින් එයා ඇහැරියි, අද කවද්ද?"

"අද දෙසැම්බර් 26 මහත්තයා"

"අද පෝය දවසක්ද?"

"ආහ් ඔව් මහත්තයා අද උදුවප් පෝය"

You've reached the end of published parts.

⏰ Last updated: Feb 10 ⏰

Add this story to your Library to get notified about new parts!

HIDDEN LOVEWhere stories live. Discover now