2 කොටස

18 3 2
                                    

අද ආදේෂ් බිසි දවසක් නිසා රෙස්ටුරන්ට් එකෙ වැඩ ටික බලන්න යන්න උනෙත් හිමන්ෂුට...කොල්ලා දවල් ගිහින් රෙස්ටුරන්ට් එකෙ වැඩ ටිකත් සෙට්ල් කරලා හතර වෙද්දී රොටරි එක ගාවට ආවෙ එහෙමම ආයුෂ්වත් පික් කරන් ගෙදර යන්න හිතන්...

"කීයටද පොඩි යන්නෙ..?"

"6.30 වෙද්දී හොටෙල් එකෙ හිටියම ඇති බන්..."

"හ්ම්...."

"මොකො...ටයඩ් ද උබට..."

"ලොකු අවුලක් නැ..."

"හ්ම්..."

ආයුෂ් ෆ්‍රන්ට් සීට් එකෙන් වාඩිවෙලා බෑග් එක තිබ්බ ෆොන් එක අරන් ඔබන්න ගත්ත නිසා හිමන්ෂු එහෙමම ඉස්සරහ බලන් පරිස්සමෙන් ඩ්‍රයිව් කලා...මොකද හවස 4 කියන්නෙ කොළඹට එපාම කරපු වෙලාවක්...ඔෆිස් , ටියුෂන් ඉවර වෙන ටයිම් නිසා පාරවල්වල හැමතැනම සෙනග කටකපලා...හරියටම කඩි ගුලක් ඇවිස්සිලා වගෙ...

හිමන්ෂු හැමදාම වගෙ කලර් ලයිට්ස් ලග නවත්තන් ඉන්න තත්පර කීපෙට තේරුම් ගත්තා එයයි එයාගෙ සහෝදරයො දෙන්නයි කොච්චර වාසනාවන්තද කියලා...ඇත්තටම මේ පොඩි උන්ට මේ කන කට්ට උන් වයසට ඕනවටත් වැඩි කියලමයි හිමන්ෂුට හිතුනෙම...
මේ ලමයි කන කට්ටෙන් දශමයක්වත් එයාලාගෙ ජිවිත වල එයාලා විදලා නැතුව ඇති...එයාලා කවදාවත් මේ ලමයි වගෙ වැස්සෙ තෙමි තෙමි , මඩ නාගෙන , ඇගිල්ලක් ගහන්න ඉඩ නැති බස් වල ෆුට්බෝඩ් එකෙ එල්ලිලා ඇවිත් නැ , බස්හෝල්ට් ගාව බඩගින්නෙ පැය ගනන් බස් එනකන් රස්තියාදු වෙලා නැ...මනුස්සයෙක් ජීවිතෙ ලබන්න ඕන උපරිම සැප එයාලා වින්දා...
ඇත්තටම පොඩි කාලෙ ඉදම්ම තුන්දෙනාට පුංචිමත් අඩුපාඩුවක් එයාලට දැනෙන්න අම්මයි තාත්තායි ඉඩ දීලා නැ...සල්ලිකාර දෙමාපියොන්ට කාර්‍යබහුල උනාම දරුවො අමතක වෙනවා කියලා කිව්වට මේ අයියා මලො තුන්දෙනාගෙ හැමදේම පොඩි කාලෙ ඉදම්ම උනෙ අම්මා, තාත්තා අතින්මයි...මෙච්චර වයසෙන් මුහුකුරා ගිහිල්ලත් ඒක අදටත් එහෙමයි...
මේ තරම් අඩු වයසින් රට රට වල ට්‍රැවල් කරලා , බ්‍රැන්ඩඩ් දේවල් පාවිච්චි කරලා , හොදට වියදම් කරලා පිටරටවල්වල ගිහින් ඉගෙනගෙන , අතට පයට සේවකයො තියන් , සැප වාහනවල ගමන්බිමන් ගිහින් , සාමාන්‍ය මනුස්සයෙක්ට මේ වගෙ කාලෙක හිතන්නවත් බැරි තරන් ජීවිතෙ උපරිම සැපසම්පත් විදින්න ලැබුනෙ මහේෂ් රාජනායකගෙත් නොෂිකා රාජනායකගෙත් දරුවො වෙලා ඉපදෙන්න තරන් එයාලා වාසනාවන්ත උන හින්දා කියලමයි  හිමන්ෂුට නන් හැමවෙලාවකම හිතුනෙ..
ඉතින් පාරවල් වල කට්ට කන පොඩි දකින වාරයක් ගානෙ හිමන්ෂු වගෙම ආදේෂ් , ආයුෂ් පවා අම්මිටයි තාත්තිටයි හිතින් පින් දෙනගමන් මේ අහිංසක මිනිස්සුත් මේ කන කට්ටට උන්ට කවදම හරි ජීවිතෙ හරි යන්නම ඕන කියලා හදවතින්ම හිතනවා...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 01 ⏰

Add this story to your Library to get notified about new parts!

වැහි කුණාටු | සිංහල BL | හිමන්ෂු × නිෂිත් Where stories live. Discover now