03වන කොටස.

522 31 5
                                    


"මිස් රාධා සේනානායක, මට දැනගන්න පුලුවන්ද මේ හාවා කොහොමද මෙහෙට ආවෙ කියලා.."

මම ස්නෝවිව හිමින් එයාගෙ අර ලස්සන නිදාගන්න හදලා තියෙන එකෙන් තියලා මගෙ කොන්ඩෙ උඩට කරලා බන් එකක් දාගෙන නැගිට්ටෙ පුංචි ඉනට අත් දෙකත් තියන් මන් දිහා බලන් ඉද්දි..

"මේ..කෑගහන්න එපා..එන්නකෝ.."

ස්නෝවිව ඉක්මනින් ඇහැරවෙනවා..ඒක නිසා මම පුංචිවත් එක්කන් ඉක්මනට ලිවින් රූම් එකෙන් එලියට ඇවිත් බැල්කනි එකෙන් ඉදගත්තෙ තව සැරයක් ස්නෝවි ඉන්න දිහාත් බලලා..එයානම් සැපට නිදි..

"එයා මගෙ යාලුවෙක්ගෙ.."

"රාධා..මන් නොදන්න ඔයාගෙ මෙහෙ ඉන්න යාලුවා කවුද..??!"

"කෑ ගහන්න එපා අනේ.."

මම හිමින් එකක් පුංචිගෙ අතට ගහලා ආයෙම ස්නෝවි දිහා බැලුවෙ එයා ඇහැරලාද කියලා..

"දෝණි!! මට කියන්න.."

"ඔයාට මතකද දන්නෙ නැහැ මම ඔයාට කිව්වා මම පලවෙනියටම කැමැත්තෙන් ඉඳිය බෝයි ගැන..."

මම හිමින් කියන්න පටන් ගත්තෙ ඉස්සර මගෙ හිතේ තියන ඒවා මම හුගක්ම බෙදාගත්තෙ පුංචි එක්ක නිසා..එයා මම ඕලෙවල් කරනකොට හිටියෙ අපේ ගෙදරනේ..ඉතින් මම පුංචිට හුගක් එකතුයි..

"අහ්...දැන් ඔච්චර එකක් උනාද..අනේ මන්දා..රාධා..~ මම ඉතින් ඔයාට බලපෑම් කරන්නෙ නෑ කොහොමත්..ඔයා දැන් ලොකු ,තීරණයක් තනියෙන් ගන්න පුලුවන් ලමයෙක්නේ..ඒත් රාධා..මතක තියාගන්න අයියා ලංකාවෙ ඔයාට අරම දේකුත් ලෑස්ති කරලා තියෙන වග.."

මම මුලු සිද්ධියම කියලා ඉවර උනාම පුංචි මට වහෙන් ඔරොව කිව්ව දේ මට නොතේරුනාමත් නෙමෙයි..ඒත් මන් හිතන්නෙ නෑ ආයෙමත් අභිශේක්ට මගෙ හිතේ ආදරයක් අමුතුවෙන් ඇති වෙයි කියලා..කලින් තිබ්බ ආදරේ ඒ විදියටම හිත යට තියනවනේ.. මන් හිතන විදියට..ඒත්.. ආයෙම මට හිත රිද්දගන්න වෙයිද.. මම හීන් හිනාවක් පුංචිට දීලා ආයෙම සැරයක් ලග තිබුන ෆෝන් එක චෙක් කරේ අභිශේක්ගෙන් අඩුම මැසේජ් එකක්වත් තියනවද කියල බලන්න..මම මගේ නම්බර් එක දුන්නට මොකෝ මම එයාගෙ නම්බර් එකක් ඉල්ල ගත්තෙ නෑනෙ..දැන් හවස් වෙලා..හොදටම..මම හිමින් නැගිටලා ස්නෝවි ලගට ගියෙ පුංචි රෑ කෑම හදන්න කිචන් එකට ගියායින් පස්සෙ..මම යනකොටත් ස්නෝවි හොදටෝම නිදී..!මේකානම් ගිය ආත්මේ පූසෙක්ද කොහෙද..මම ෆෝන් එකත් චාජ් වෙන්න දාලා ආයෙම හැරිලා ඇවිත් ෆෝන් එක ජේබීඑල් එකට කනෙක්ට් කරලා කාම් මියුසික් එකක් ප්ලේ වෙන්න දැම්මෙ දැනුන පාලු ගතිය මැකිලා යන්න..පුංචිත් එයාගෙ අක්කා එක්ක ..ඒ කිව්වෙ මගෙ අම්මා එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කර කර උයන ගමන් ඉඳියේ..මම ඉතින් අභිශේකුත් දැම්ම එන එකක් නැහැයි කියලා හිතුන නිසා ඉක්මනටම කාමරේට දිව්වෙ හොට් වෝටර් බාත් එකක් ගන්න හිතාගෙන..

Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔Where stories live. Discover now