Chapter 41

396 54 32
                                    



" චූටී.... නැගිටින්න පරක්කු වෙනව පුතේ...."

නිවාඩු මාසයක් ගෙවිලා ගියා ඇසි පිය ගහන වේගෙන්. අද ඉස්කෝලේ දෙවෙනි වාරෙ පලවෙනි දවස. ඔම්මා සැරෙන් සැරෙ ඇවිත් මාව කූද්දනවා. ඒත් මෙ ටිකේම දවල් වෙනකන් නින්ද ගිය නිසා අද නැගිටින්න බෑ කියලමයි හිතෙන්නෙ. කවුද අනෙ ඉස්කෝලේ උදෙන්ම පටන් ගන්න ඕන කියලා නීති දාපු එකා. ඒකා අහු උනොත් ගිහින් තෑං තෑං ගාලා කනට හතක් ගහලා එනව මන්.

ඔම්මගෙ කෑගැහිල්ල ඉවසා දරාගන්න බැරිම තැන මට තුරුල් වෙලා හිටපු පුතු පැටියව මගෙ බ්ලැන්කට් එකෙන්ම පොරවලා ඇඳෙන් බැහැල ගිහින් වොශ් කරන් ආපු මම  ටක් ටික් ටුක් කියලා  යුනිෆෝම් එකත් අයන් කරගෙන ඇඳගත්තා.

" චූටි එන්න කන්න"

මම පහලට යනකොටම ඔම්මා කන්න කතා කලා. ඒත් මට කන්න මහලොකු බඩගින්නක් තිබුනෙ නෑ.

" ඕන්නැ ඔම්මා කැන්ටින් එකෙන් මොනා හරි කන්නම්.. මම යනෝ බායී..."

" ඔහොම නවතිනවා චූටී.."

ඔම්මා ගිරිය කඩන් අණ කරපු නිසා අඩියක්වත් ඉස්සරහට නොයා මම හිටි තැනම ලොක් වෙලා වගෙ හිටියා.

" ඇ ඇයි"

" කන්නැතුව එක අඩියක් තියන්නැ ගෙයින් එලියට"

මෙ ඔම්මා මහ දුශ්ටයි අප්පා. උදෙන්ම ඔම්මගෙන් බැනුම් අහන්න ඕන්නැති නිසා ඔම්මා බෙදලා තිබුන කෑම එක මීක් නොකියා කාපු මම ඔම්මගෙන් හාද්දකුත් අරන් ගෙදරින් පිටත් වුනා. මම දන්නව ඔහොම කෑ ගැහුවට ඔම්මගෙ පන ටික මං..

" ගුඩ් මෝනින් සුද්දෝ... දැකපු කල්ල්... ඇදිලා ගිහින්ද මන්දා"

" මෝනිම් මෝනිම්. මම නෙවෙයි උබ නම් ඇදිලා ගිහින් වගේ"

ඉස්කෝලෙ මේන් ගේට් එක ගාවදිම හම්බුනෙ සෝහුවා. ඌව දැක්කා විතරයි ජිමිනා මූන අමුතු කරගෙන ඉවරයක් නැතුව මටත් රවන්න පටන් ගත්තා. මම මක් කලාටද ඉතින් මේකා මට රවන්නෙ.. මම වැඩිය ගනන් නොගෙන උන් දෙන්නම එක්ක ඇතුලට ආවා.

" ඉතින් ජන්කුක් මම උබව හම්බෙන්නමයි හිටියේ"

" ම්ම්ම් එ ඇයි"

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now