වේලාවකට හිතෙන්නේ එක දෙයයී මේ අම්මලා දුවලා සේරම එකයි අරකී උදෙන්ම නැගිට්ට ගමන් කන්නාඩිය ඉස්සරහට ගියාම පැය ගානකට ඔතනීන් එන්නේ නෑ....එහෙට බලනවා මෙහෙට බලනවා ඔච්චර මොන කෙහෙල්මලක් බලනවද කියලා දෙයීයෝ තමයී දන්නේ......අනිත් පැත්තෙන් අපේ අම්මා එයා බලන් ඉන්නේ හැමදාම කැම්පස් කතාව කියලා පොඩ්ඩ ඇත්තන් අඩන්න.... මේ තියෙන ප්‍රශ්න අස්සේ කැම්පස් යන්න බෑ කියලා කොච්චර කිව්වටහ් ඒයා තේරුම් ගන්නේ නෑ...අනික අක්කාත් දැන් නැතී උනාම මට බෑ අම්මට මේ සේරම බර දීලා කැම්පස් යන්න.....
මේ ඔක්කොම ශේප් කරන් ඉන්න අහිංසක මන් පුදුම ගේමක් දෙන්නේ හුම්....
අක්කා බලන්න හෙට මනමාලයෙක් එනවලූ ...අනේ ඒක කියපූ වේලේ ඉදන් ඒකීගේ මූණේ තිබ්බෙ පුදුම තරම් සතුටක්...මට ඒක ඒ මූණ දකීන දකින හැම වේලේම තේරුනා මොනවා උනත් මොන කෙල්ලද අකමැතී කසායක් බැදලා තමන්ගෙම කියලා ජිවිතයක් හදාගෙන ජිවත් වෙන්න...තාත්තත් නැතී උනට පස්සේ අක්කා අම්මා වගේ උනා.... අම්මා නැතී තැන මාව බලාගත්තේ මගේ ලගම හිටියේ අක්කා.....ඔය කොච්චර රන්ඩු උනත් කට තියන් ඉන්න බැරිකමට කටට එන හැම වචනේම කියලා දැම්මත් අනේ මන් හොදටෝම දන්නවා ඒ හිතේ කිසිම කහටක් නෑ..... ඔය කොච්චර රන්ඩුවට අවත් ඒකී ගහන පාරක් වැදිලා මට රිදුනොත් මට කලින් අඩන්නේ ඒයා.....මටත් කලින් ඇස්වල කදුලු පුරවගන්නෙ ඒයා....මන් කොච්චර කිව්වත් අනේ අක්කේ මට රිදුනේ නෑනේ කියලා අක්කා ඒ වෙනකොටත් අඩලා ඉවරයී.....වේලාවකට හිතෙනවා අපී පොඩි එවුන්ද කියලා වේන ගෙවල්වල අක්කලා නංගීල ගහ මරාගන්නකොට අපේ ගෙදර ඊට අනිත් පැත්ත උනා...අක්කලා නංගීලා වගේ නෙමෙයී අක්කලා මල්ලීලා පැටලෙන්න ගියාම,ලෝකේ වත් නැතී දේවල් ඒ වේලාවට ඕලුවට එන්නෙ......
ඒකීගේ කොන්ඩ කට්ටක් එහෙට මෙහෙට උනත් ගහ මරාගන්න එනවා මොකෝ මන් කොන්ඩ කටු ගහනවද උබේ කොන්ඩ කට්ටක් ගන්න කියලා ඇහුවත් ඒක පිලිගන්නෙ නැතුවම මගේ එල්ලෙන්න එනවා ඒකී හිතන්නේම ඒකීගේ බඩු නැති බංගස්තාන කරන බහිරවයා මම කියලා....
මොනවා උනත් අක්කෙක් කියන්නෙ අම්මාට නොදෙවෙනි කෙනෙක් අම්මා නැතී තැන හැමවේලෙම අක්කා අම්මා උනා.... ඒ පපුවේ ලේ කිරි නොවුන ටික විතරයී.... අනිත් හැම අතින්ම අක්කෙක් කියන්නේ දෙවෙනී අම්මෙක්ව තමයී...