34

316 41 2
                                    

#හිරිකඩක්_34

"දෙයියනේ නුඝා..!"

නවීන්ගේ මුවින් එවදන් ගිලිහුණේ ළය අභ්‍යන්තරයෙන් ගිණි රේඛාවක් ඇවිලීගෙන යනවා මෙන් දැනෙද්දීය. තවත් අඩ හෝරාවම් ගෙවුණ තැන නවීන් හා නුඝාද්ගේ මව උන්නේ රෝහළේය. නුඝාද්ව හදිසි ශල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරයට ගෙන ඇති බව රෝහලෙන් පවසද්දී නුඝාද්ගේ මව හඬා වැටෙන්නට වූයේ නවීන් ඇයව අස්වසාලද්දීය.

"අනේ මගෙ කොල්ලා...."

තවත් අඩ හෝරාවකට පමණ පසුව නුඝාද්ගේ මවත් නවීනුත් උන්නේ ඔහුගේ රෝහල් සයනය අබියසය.

"කෝ බබා?"

නුඝාද්ට සිහිය ලැබුණු මොහොතේම ඔහු විමසන්නට වූයේ නවීනුත් තම මවත් දරුවා නොමැතිව තමා අබියස හිඳිණු පෙනෙද්දීය. නුඝාද්ට අමුතු බියක් දැනෙන්නට වූයේ වරදකාරි හැඟීමක් දැනෙද්දීය.

"බබා ගෙදර. ශෙනුද් ගාව."

"අම්මා! ඌට පුළුවන්ද ළමයෙක් බලාගන්න?"

ඉඳින් ශෙනුද් හුදෙක් සෙල්ලක්කාර වගකීම් රහිතව කටයුතු කරනා අයෙක් බව සියල්ලන්ටම නොරහසක්ය. නුඝාද් කෝපයෙන්ම සේලයින් බට ගලවා දමා සයනයෙන් නැගිටින්නට උත්සහ කළේ නවීන් ඔහුව නවතන්නට තැත් කරද්දීය.

"නුඝා. නවත්තපන්."

"අනේ ඔයා මොනවද දරුවෝ කරන්නේ? ඔයාව ඇක්සිඩන්ට් වෙලා කියල දැනගත්තම ඒවා ගැන හිත හිතා ඉන්න තිබ්බද? අපි මේ ගිණි පත්තු වෙලා දුවගෙන ආවේ."

නමුදු නුඝාද්ගේ හිතුවක්කාරකම පාලනය කරන්නට ඔවුන්ටවත් රෝහල් කාර්යමණ්ඩලයටවත් හැකිවූයේ නැතිය. හිසෙහි තුවාලයට කුඩා ශල්‍යකර්මයක් සිදුකරලූවත් අභ්‍යන්තර රුධිර වහනයන් පිළිබඳ නිහමනයක් නොවූ නිසාවවෙන් අවම පැය විසි හතරක් ගෙවෙන තුරු හෝ ඔහු රෝහළේ නැවතිය යුතු බව වෛද්‍යවරුන් පැවසූවද නුඝාද් ඒ කිසිවක් මායිම් කළේ නැතිය. නමුදු පොලීසියට සම්බන්ධ ලියකියවිලි කටයුතු කිරීමටත් බීමත්ව රිය පැදවූ නිසාවෙන් වන්දියක් ගෙවීමට අදාල කටයුතු සිදුකරන්නට වූයේ තවත් මිනිත්තු දහයක් පහළොවක් නුඝාද් ප්‍රමාද වද්දීය.

~~~

තවත් මිනිත්තු හතලිස් පහක් පමණ ගෙවෙද්දී නුඝාද් උන්නේ නිවසෙහි දොරකඩය. දොර විවර කරද්දී දරුවා මහ හඬින් හඬා වැටෙනවා ඇසෙද්දි සියල්ල අමතකව නුඝාද්ගේ ළය වේදනාවෙන් මිරිකී යන්නට වූයේ සියල්ලටම වඩා ධාරක ස්නේහය ප්‍රබල වන නිසාවෙන් වන්නට ඇතිය.

හිරිකඩක්Where stories live. Discover now