55

379 53 17
                                    

#හිරිකඩක්_55

නුඝාද් උන්නේ දරුවා අතැතිවය. වෛද්‍යවරිය පිටත්ව ගොස් අඩහෝරාවක්ම ගෙවී තිබුණද ඔහු හදවතට දැනෙණා ඒ අමුතු හැඟීම තවමත් ඒ ආකාරයෙන්ය. මුලදී සයනය මත වාඩිවීගෙන දරුවා දෙස බියෙන් මෙන් බලන් සිටියද නුඝාද් දරුවාව සුරතල් කරද්දී ඇයගේ උවනින් බිය සහිත හැඟීම් පලාගිහින්ය.

"දැන් මගෙ ඒන්ජල්ට වෙන කාගෙවත් කුක්කු ඕනෙ නෑ ම්ම්..."

දෑතින්ම දරුවාව ඔඩොක්කුව මත හිට්ටවාන නුඝාද් පවසන්නේ දරුවාත් මුවත් විවර කර මොනවාදෝ මුමුණද්දීය.

"මගෙ මැණික අම්මා කුක්කු බොන්න යන්නේ..."

දරුවාව තම මුහුණ ආසන්නයට ගෙන දරුවාගේ හිස සිපගෙන යළිත් පෙර ඉරියව්වෙන්ම දරුවාව පසුපසට ගෙන තබා පවසන නුඝාද්ගේ දෙනෙත් මත්තේ වූයේම හැඟුම්බර, සෙනෙහස පිරුණු බැල්මක්ය.

යළිත් ඔහු නෙතු යොමුවේ ධූර්යා වෙතටය. ඇය හිස් දෙනෙත ඔහු නෙතු බැල්ම මුණගැහෙද්දී තත්පර ගෙවී ගියේ හෙමිහිටය. ඉඳින් ඔහු දෙනෙතේ කුළුඳුළේ ඈ වෙනුවෙන් ස්පර්ෂව ඇති හැඟීම ඇයට දැනෙණවාද දන්නේ නැතිය. නමුදු ඈ ඔහු දෙනෙත් අබියසම තම බැල්ම නවතාන උන්නාය.

"හ්හ්..."

ඉඳින් දැන් දැන් ධූර්යා අබියසදී හදෙහි නළියනා හැඟීම් බර වැඩි බව ඔහුට වැටහෙන්නේය. ගැඹුරු හුස්මකට මුවින් ගිළිහෙන්නට ඉඩ දී නුඝාද් දරුවා ළයට තුරුළු කරගත්තේ ඈ අබියසින් නෙතු ඉවතට නොගෙනය.

"සර්..."

නුඝාද්ගේ නෙතු දැහැන බිඳුණේ සේවිකාව විත් දොරට ගැසූ හඬටය.

"ඇතුළට එන්න."

තවත් මොහොතකින් සේවිකාව ට්‍රේ එකක තබා රැගෙන ආවේ කෑම බඳුන්ය. එකක් ධූර්යාගේය. අනික දරුවාට සැකසූ දියරමය ළදරු ආහාරය.

"ධූර්යාට මොනවද හැදුවේ?"

නුඝාද් විමසන්නේ වෛද්‍යවරිය උපදෙස් දුන් අයුරින් ධූර්යාට පෝෂදායි ආහාර වේලක් සකසන්නටයැයි ඔහු සේවිකාවට උපදෙස් දුන් නිසාවෙන්ය.

"ලීලා නැන්දා කීවා කිරි දෙන අම්මලාට කිරිකොස් හොඳයි කියලා. කිරිකොස් හදලා චිකන් ටිකක් මිරිසට හදලා අඟුණකොළ මැල්ලුමක් හැදුවා සර්."

හිරිකඩක්Место, где живут истории. Откройте их для себя