මායි, මෙනුකයි යනකොට කට්ටියම backstage එකට ඇවිල්ලා හිටියා. සෙහස් ගෙ ඇස් වල තවමත් කඳුළු පිරිලා. මං දිහා බලලා ආයෙමත් අහක බලාගත්තා. මමත් කතාකරන්න ගියේ නෑ. මං දැක්කා එයා මං කොනිත්තලා ගිය අත හෙමින් සැරේ අතගාගන්නවා. ඒක දැක්කම නං මට හෙනට ම අවුල් ගියා.
"ඔය තරම් දුෂ්ට වෙන්න එපා අයියේ. මනුස්සකමක් කියලා දෙයක් නැද්ද" ශෙවීන් මට ඇහෙන නොහැන ගානට කියාගෙන ගියා.
"මොනාද උඹ කියන්නෙ?" මං ටිකක් සද්දෙට එහෙම කිව්වම හැමෝම වගේ මං දිහා බැලුවා. තිනෙත් ට තේරෙන්න ඇති මෙතන තව රංඩුවක් පටන් ගන්න යනවා කියලා. ඒකනිසා හැමෝම එකතු කරගෙන meeting එක පටන් ගත්තා.
"හැම ටීම් එකකම ප්‍රශ්න ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. හැබැයි අපි මේ දේවල් කරන්නෙ අපෙ fans ලා වෙනුවෙන්. එයාලා අපිට කොයිතරම් ආදරේ කරනවද? අපි අද මේ කොන්සර්ට් එක කරන්නෙ ආකාශ් විදිහටවත්, සෙහස් විදිහටවත්, තිනෙත් විදිහටවත් නෙමෙයි. එක කණ්ඩායමක් විදිහට." තිනෙත් මෙහෙම කියද්දි මං හිමින් සැරේ සෙහස් දිහා බැලුවා. කොහොද, මං දිහා නිකමටවත් බැලුවෙ නෑ මේ කොල්ලා..
"එහෙනං කොල්ලනේ අපි මේක කරමු.. Fighting" අපි හැමෝම එකට අත් දාලා cheer කරගත්තා.
එදා show එක පටන් ගත්තා. Concert එකට ඇවිල්ල හිටිය අපේ fans ලා දැක්කම හිතේ තියන හැම දුකක් ම අමතක වෙලා ගියා වගේ දැනුනා. වෙනම ලෝකෙක ජීවත්වෙනවා වගේ දැනුනෙ. අපේ fans ලා කියන්නෙ අපේ ජීවිතවල කොටසක්. එයාලා ඉස්සරහපිට සිංදු කියද්දී දැනෙන හැගීම හරි ම අමුතුයි.. ලස්සනයි...
Group songs ඉවරවෙලා අපි පොඩි break එකක් ගත්තා solo performances පටන් ගන්න කලින්. ඉතිං කට්ටියම ඒකට ලෑස්ති වෙන්න පටන්ගත්තා. හැමෝම තැන් තැන් වලට විසිරිලා ගියා. මට තිබුනෙ අන්තිමට වගේ නිසා මං ice-americano එකක් බොන්න ගියා. අපේ snacks, coffee එහෙම ලෑස්තිකරලා තිබ්බෙ වෙන ම room එකක.
YOU ARE READING
ආදරණීය සෙහස් ||SS01||වසන්තයේ දවසක්
Fanfiction"වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම දාලා කොල්ලවත් අරගෙන ඈතකට යන්න බං... මට දැන් මේ දේවල් ඇතිවෙලා තියෙන්නෙ.." "මට උඹව තේරුම්ගන්න පුලුවන් බං. ඒත් උඹවත්, සෙහස් වත් සාමාන්‍ය කොල්ලො නෙමෙයි. උඹලා ලෝකප්‍රසිද්ද ගායකයො දෙන්නෙක්. කොහොමද මිනිස්සුන්ගෙන් හැංගිලා ඉන්න...