ස්ටිකි නොට් එක කෞරු ලිව්වද කියලා දන්නෙ නැති වුණත් මන් ඒක සාක්කුවේ ඔබන් ගෙදර ආවා, කව්ද දන්නෙ නෑ ලිව්වේ, කැම්පස් යන කාලෙ කොල්ලො කෙල්ලො දෙකම මට නොට් කෑලි වල නම්බර්ස් එහෙම දුන්නට පස්සෙ මේ නොට් එකක් හම්බුනාමයි, මේ නොට් එකේ නම්බර් එකක් තිබුණෙ නෑ,
මන් එහෙම්ම ඩ්‍රයිව් කරන් ඕක්රේ එක පැත්තට ආවෙ යන ගමන් මොනා හරි අරන් යන්නත් එක්ක,
ලොකු දෙයක් ගන්න ඕනි නෑ අම්මි මායි විතරනේ ඉන්නෙත් කොහොමහරි අම්මා ගේන්න කිව්ව ස්ලයිස් බ්රෙඩ් පැකට් තුනකුයි පෙස්ට්‍රියි චොක්ලට් බොල්සුත් අරගෙන මම වෙනම බෑග් එකකට ඩොනට්ස් ගත්තා, ඔක්කම ගත්තට මේ පොඩි එකාට මුකුත්ම ගත්තෙ නැති නිසා ආය ෆ්‍රෙෂ් ජූස් එකක් ගන්න මන් ඒ පැත්තට ගියා,
කවුන්ටර් එක ගාව අපෙ යුනිෆොර්ම් දාගත්තු කොල්ලො දෙන්නෙක් ජූස් වලට පේ කරන ගමන් හිටියා, ඕක ඉතිං අසාමාන්‍ය දෙයක්ද නෑනෙ නෑනෙ උන් ජූස් අරන් පේ කරනවා, අනික නුවර වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්න පිරිමි පාසලේ කොල්ලො දෙන්නෙක් ඕක්රේ එකේ ඉන්න එක පුදුමයක්ද,
නෑ පුදුමයක් නෑ ඉතිං මාත් බොරුවට පුදුම වේවී ඉන්නෙ නැතුව ගියේ ජූස් ගන්න දාගන්න,
මන් ළඟට යද්දී තමා ඩයල් එක අඳුරගත්තේ මේ විනොදුයි සහසුයි,
උණුත් මාව දැකලා තියෙන්නේ එතකොට උන් දෙන්නා මට හිනා උණා මාත් ඉතින් හිනාවට හිනා උණා, ඔතනින් මන් හිනා උණාට පස්සෙ උන් හිනා වුණා වගේ දෙයක් උණත් වෙන්න පුළුවන් හෙහෙ,
"මොකද මෙහෙ"
මන් හිනා වෙලා ඇහුවා,
"හවස ක්ලාස් සර් සිංහල වලට කෑම ගන්න ආවා"
"ආහ් හරි ළමයි,"
එහෙම කියන ගමන් මාත් ජූස් එකට පේ කරද්දි උන් දෙන්නා මට යනවා කියලා ගියා මාත් එහෙම්ම වාහනේට ඇවිත් බෑග් ටික පසෙන්ජර් ෂීට් එකෙන් තියාගෙන කාර් ස්ටාර්ට් කරන් වැව රවුම පැත්තට ආවා, ඇත්තටම පතිරාජ එකේ ඉදලා මේ ඕක්රේ එකට එනවා කියන්නේ බොරු වැඩක් ම්න් මේ කාලෙ කන්න ඕනි කමට ආවට මට වෙන රත්නායක එකෙන් මේ ටික අරන් ගෙදර යන්න තිබ්බා,