10 වන පරිච්ඡේදය

114 22 4
                                    

මේ තුන්වෙනි සතිය යුවේන්ව නුවින්දි දකින්නැති..හිත කීරිගැහෙන පාළුවක් එක්ක නුවින්දි ක්ලාස් එකෙන් එළියට බැස්සේ විනාඩි පහළොවක් විතර පරක්කුවෙලා අද මනුලිත් නැති නිසා බස් එක අල්ලගන්න..

ඉන්ස්ටියුට් එක තියෙන්නේ පාළු නමුත් නිස්කලංක පාරක්..හරියට පාර්ලිමේන්තු පාර වගේ..නා ගස් පිරිලා හෙවනයි..රෑට පොඩ්ඩක් බය හිතුණත් දවල්ට එහෙම බයක් නෑ..

නුවින්දි නා ගස් යට හෙවනේ පාළු පාරේ ඔහේ ඇවිදන් ගියා..එක්කෝ කොහෙන්හරි නම්බර් එක හොයාගෙන කෝල් එකක් දෙන්නත් හිතෙනවා නුවින්දිට..එහෙම බෑත් වගේ..අනික අම්මගේ ෆෝන් එක නිසා ඕකටත් මොනාහරි කිව්වොත් තාත්තටත් තරහ යන්න ඉඩ තියෙනවා..මොනවා කරන්නද කියලා එයාටම හිතාගන්න බෑ..

"ඔවෑහ්..ඔවෑක් "

නුවින්දි කල්පනාවෙන් මිදිලා ගැස්සිලා බැලුවේ කවුරුහරි මහ සද්දෙන් කහිනවා ඇහිලා..නුවින්දිගේ පිටිපස්සේ කවුරුත් හිටියෙත් නෑ ..කෙළවරක් පේන්නේ නැති ඉස්සරහ කවුරුත් හිටියෙත් නෑ..නුවින්දි හිතේ පොඩි කලබලේකුත් එක්ක දෙපැත්ත බැලුවා..

පහළ හිටියේ මනුස්සයෙක් පපුවත් අල්ලන් ඉන්නවා! එච්චර වයසක පෙනුමක් තිබ්බෙත් නෑ..උසයි කෙට්ටුයි..

නුවින්දිගේ හිත කලබල වුනත් මේ වෙලේ උදව් නොකර කොහොමද? හාට් ඇටෑක් එකක්වත් නම්..දෙයියනේ ජීවිතයක්නේ!!

නුවින්දි වේගෙන් ගැට්ට පහළට දිව්වා..ඇත්තමයි නුවින්දිට දැක්ක දෙයින් කලන්තෙට වගේ ආවා..

"යු.යුවේ..න්! "

යුවේන් බිම ඉදගෙන හොදටම වමනේ කරනවා..වමනේ ගොඩයි වටේට..කම්මුල් දිගේ කදුළුත් බේරෙනවා නහයෙන් හොටුත් බේරෙනවා කට වටේම කෙල තලියයි..

නුවින්දිගේ හිත එක කලබලයක් කරනවා..කලින් හිත කලබල කළේ බයෙන්! කුඩුකාරයෙක් ගංජාකාරයෙක් නම් මොන දෙයියන්ට කියන්නද? යුවේන්ව දැක්කම හිතට සැනසීමයි පුදුම විදියට! ඒත්  මෙහෙම..මේ විදියට ..

යුවේන් ඔළුවවත් ඉස්සුවේ නෑ..විනාඩි පහෙන් පහට වමනේ කරනවා..ටිකක් හුස්ම ගන්න නෑ..වමනේ කියල වැඩිහරියක් යන්නෙත් වතුර!

ප්‍රාතිහාරීOnde histórias criam vida. Descubra agora