03 කොටස ( bonus )

466 80 18
                                    



පහුවදා සෙනසුරාදා දවසක් නිසා දවසම සුදු බෙබිට ක්ලාස් කියලා දන්න නිසාම  උදෙන්ම නැගිටලා මුන සොදන් කුසුමාම්මා ගෙනත් දුන්න කිරි එකත් බිලා මම ලැස්ති වුනේ ඊයේ කතා වුනා වගෙ සුරංගලා එක්ක අඹ කඩන්න යන්න. හොරෙන් කුස්සියට ගිහින් කුසුමාම්මා මොකද කරන්නෙ බැලුවම එයැයි උදේ පාන්දරම ලොකු මැනිකෙගෙ රෙදි ගොඩක් එක්ක ඔට්ටු වෙනවා කියලා දැක්ක මන් ලිප ලග තිබ්බ ලුණු පොල් කට්ටෙන් ලුණු කැට ටික්කුත් කොලේක ඔතන් සක්කුවේ දාන් ලිද තියෙන පැත්තෙන් නොයා අනිත් පැත්තෙන් වලව් වත්තට පැනලා යන්න කියලා හිතන් කාටවත් පෙන්නෙ නැති වෙන්න පිල දිගේ හිමිට අඩිය තිය තිය ගියා. පිල දිගෙම ගිහින් අවසානෙදි වටපිට බලන්නෙ නැතුව මන් හැදුවේ දුවලා යන්න.

"සපු බෙබි උදේ පාන්දර බැරක් යනවා වගෙයි......"

වත්ත පහලට දුවන්න හිතන් ඉස්සරහට තිබ්බ මගෙ කකුල් දෙක එක තැන නැවතුනේ පිටි පස්සෙන් ඇහුන කටහඬ නිසා. ඉන්න විදිහටම කපටි හිනාවක් ගත්ත මම පිටි පස්ස හැරිලා බැලුවේ වැඩෙ මාට්ටු නිසා.

"හි හි සුදු බෙබි..... අද ක්ලාස් ගියෙ නැතැයි......"

බිත්තියට හෙත්තු වෙලා සරමේ කොනක් අතකින් උස්සන් ඉන්න සුදු බෙබි දිහා මන් හිනා වෙලා බැලලා ඇහුවම නලලත් රැලි කරන් රවා ගත්ත සුදු බෙබි මගෙ පැත්තට එන්න ආවා.

"කොහෙද මේ යන්න ගියේ හොර ගල් අහුල අහුල......"

"මේ.... මේ මන් මේ....."

"ඔව් කොහෙද යන්න ගියේ....."

"සුරංගලත්එක්කඅඹකඩන්කන්නකුඹුරටයන්නගියේ......"

දාන් හිටිය සෙරෙප්පුවෙන් පොලවත් හාරන ගමන් එක දිගට මන් කියවන් ගියාම ඇහි බැමකුත් උස්සන් මන් දිහා ටිකක් වෙලා බලන් හිටිය සුදු බෙබි මාවත් පහු කරලා සමරත් එහෙම්මම අතින් උස්සන් අත් දෙකත් පිටි පස්සට බැදගෙන වත්තට පහලට යන්න ගියේ මම එහෙම්ම එතන බලන් ඉද්දි.

"දැන් අඹ කඩන්න යනවා කිව්වා නෙද..... මොකද තාම ඔතන ඉන්නේ....."

ටිකක් දුර ගිහින් හැරිලා සුදු බෙබි කිව්වම මම පුදුමෙන් සුදු බෙබි දිහා බැලුවා.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now