43 කොටස

301 49 9
                                    


අර කෙල්ල ඇතුලට දුවලා ගිහින් විනාඩියක්වත් යන්න කලින් කුසුමාම්මා වලව්වේ පිටි පස්සෙන් මතු වුණේ මම හැරිලා එයා දිහා බලද්දි. මුලින්ම අපිව අදුර ගන්න බැරි වෙන්න ඇති. එක නිසාම එයා ඇස් දෙකත් හීන් කරන් අපේ පැත්තට ලන් වුනේ මම එයා එක්ක කට පුරා හිනා වෙද්දි.

"කුසුමම්මා!...."

"අනේ මගේ දෙයිහාමුදුරුවනේ..... සපු බෙබි!!!...."

කුසුමාම්මා ලන් වෙනවත් එක්කම එයා මාව අදුර ගත්තා කියලා එයාගෙ ලොකු උන ඇස් දෙකෙන් මට තෙරුම් යද්දි මම එයාට කතා කරේ එයාගෙ ඇස් වලින් කදුළු හෝ ගලා කඩන් වැටෙද්දි. මගෙ ඇස් වලටත් කදුළු උනද්දි මම කුසුමාම්මා ලගට ගිහින් බිම දන ගහලා වදින්න හැදුවේ එයා මාව උරහිස් දෙකෙන් අල්ලලා නවත්තද්දි.

කොන්ද නමාගෙන ඇදන් හිටිය චිත්ත පොටෙන් ඇස් දෙක පිහා ගත්ත කුසුමාම්මා මගෙ මුන අත ගැවේ ඒ පිහදුව ඇස් දෙකෙන් ආයෙත් කදුළු කඩන් වැටෙද්දි.

"මගේ සපු බෙබි ලොකු ඉලන්දාරියෙක් වෙලා....."

"ම්ම්ම් ඔව්..... කුසුමාම්මා කිව්ව විදිහටම සපු ලොකු වෙලා හොද තැනකට ආවා....."

මම විහිළුවෙන් වගෙ එහෙම කිව්වම අඩන ගමන් හිටිය කුසුමාම්මාට හිනාවක් ගියේ මමත් එයා එක්ක හිනා වෙද්දි.

"ඉතින් කුසුමා හොදින් හිටියද....."

අපි දෙන්නා ලගට ඇවිදන් ආව සුදු බෙබි මගෙ ඉනවටේ අත යවලා මාව එයාට ලන් කරගෙන කුසුමාම්මාගෙන් ඇහුවේ හිනා වෙලා.

"අපේ සුදු බෙබි..... ලොකු හාමුට පින් සිද්ද වෙන්න කිසි අඩුවක් පාඩුවක් නැතුව අපි හිටියා බෙබි....."

"අප්පච්චි වලව්වට ආවා ගියාද කුසුමා....."

"ඔය ඉදලා හිටලා එනවා සුදු බෙබි..... වකව්වට ඔනි හැම බඩුවක්ම වගෙ අරන් ඇවිත් සතියක් විතර ඉදලා ආපහු යනවා....."

"ම්ම්ම්ම්.... එහෙමද...."

"අනේ ඔව් සුදු බෙබි....."

"ම්ම්ම්..... අප්පච්චිත් හෙට දිහාවට වලව්වට එයි සමහරවිට..... ආ එක නෙවෙයි කුසුමා අපි එක්ක අපේ යාලුවො වගයක් ආවා..... පුලුවන්නම් ඒ අයට කාමර දෙකක් ලැස්ති කරලා දෙන්න..... සපුටයි මටයි එක කාමරයක් තිබ්බම ඇති....."

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now