PART 1

90 7 0
                                    

Tae POV

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae POV

අද කූ උදේ නවයට විතර ගෙදරින් පිටත් වුනේ අද නිවාඩු දවසක් උනත් ඔෆිස් එකේ මොන මොනාදෝ පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කියලා.. කූ ගියාට පස්සේ මටත් මහා පාලුවක් දැනුණා...

එයා ගෙදරින් ගියාට පස්සේ මම ගෙවල් දොරවල් ඔක්කොම අස් පස් කරලා කකුල් උඩ දාන් ටීවී එකත් බලලා ඒකත් එපා වෙලා ටැනීවයි බැමීවයිත් හුරතල් කරන ගමන් හිටියේ.. මේ ඩබල නිසා නම් මගේ පාලුව නැත්තටම නැතිවෙලා ගිහිල්ලයි තිබුණේ...

මම ටැනීවයි බැමීවයි හුරතල් කර කර ඉද්දි මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ මං බලාපොරොත්තු වෙච්ච කෝල් එක එනබව හිතට දැනුණු නිසා ලොකු සතුටක් මටදැනෙද්දි.. මං සෝෆා එකේ ඇන්ද උඩින් පැනලා දුවගෙන ගිහින් කිචන්පැන්ට්‍රි එක උඩ තිබුණු ෆෝන් එක අතට ගත්තා..

*My Kookie🐰💗*

ස්ක්‍රීන් එකේ වැටිලා තියෙන නම දැක්කහම මම මගේ මූණ හිනාවෙන් පුරවගෙනම කෝල් එක ආන්සර් කලා..

"මැනික.."

හහ් මෙයාව නම් හදන්න බෑ.. තාමත් ඉස්සර වගේමයි.. කෝල් එක ගත්තු ගමන්ම හෙලෝ නොකියා එයා සුපුරුදු විදිහට මට මැනික කියලා කතා කලා..

"කූ..."

"බබා තව වැඩ ටිකක් ඉතුරුයි..මං එද්දි තව පැයක් දෙකක්වත් යයි.. මගේ බබා කෑවද..? පරිස්සමින් ඉන්නවා නේද.. පාලුද මං නැතුව..?"

"හෝව් හෝව් මනුස්සයෝ... එකින් එක ප්‍රශ්න අහනවකො මේක කෝච්චියක් වගේනේ..."

මං කූකීට නෝක්කාඩු කියද්දි මට ෆෝන් එකේ එහාපැත්තෙන් ඇහුණා මේ මනුස්සයා හිනාවෙන ස්ද්දේ! ඒත් ඒ මුරණ්ඩු හිනාවට තමයි මම ආසම..

Taekook Fanart Stories 💚💜️ ( ONHOLD )Where stories live. Discover now