Again

45 9 21
                                    

Hyunjin pov

" Hyunjin " ඒ කටහඩ අවුරුදු දෙකකට පස්සෙ උනත් මට ඒ කටහඩෙ අයිතිකාරයාව අදටත් මතකයි . ඒ කට හඩ ආවෙ මගෙ පිටිපස්සෙන් . මන් ආයෙ හැරිලා බැලුවෙ නෑ මොකද ඒ කවුද කියලා මන් දැනටමත් දන්න නිසා . ඒ වගේම මට එයාව ආයෙ දකින්න උවමනාවකුත් නැති නිසා.

" hyunjin මන් ඔයාටයි කතා කරන්නෙ "

Felix pov

ඒ yuji . Hyunjin ගෙ කලින් girlfriend. ඇත්තටම මීට අවුරුදු දෙකකට කලින් හැමදේම හොදින් සිද්ද උනා . Yuji යි hyunjin නුයි යාලු උන මුල් කාලෙ ඒ දෙන්නා හිටියෙ හරිම සතුටින් . ඒ ගැන මට ඉස්සර ඉරිසියා හිතුනෙ නැත්තෙම නෑ හැබැයි ඒ කාලෙ මට මගෙ හැගීම් තේරුම් ගන්න බැරි උනා . ඒ දවස්වල hyunjin වැඩියෙන්ම කාලය ගත කරෙ yuji ත් එක්ක . ඒ හැමදෙයක් හොදින් සිද්ද වෙනකොට තමා yuji ට රට යන්න සිද්ද උනෙ . එතනින් පස්සෙ තමා හැමදෙයක්ම වෙනස් වෙන්න ගත්තෙ .

Yuji රට ගිහින් ටික කාලයක් යද්දි , එයයි hyunjin නුයි අතර තිබ්බ සම්බන්දෙ ටිකෙන් ටික නැති වෙන්න ගත්තා . Hyunjin ගෙ calls , messages වලට ටික කාලයක් යද්දි yuji ගෙන් කිසිම reply එකක් ආවෙ නෑ . ඉස්කෝල් ගොඩක් අය කතා උනෙ එයා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා කියලා . හැබැයි hyunjin ඒ දේවල් විශ්වාස කරෙ නෑ . එයා ඇත්තටම yuji ට ආදරෙ කරා.

ඒත් එක දවසක් yuji instagram එකේ දාලා තිබ්බ post එකක් hyunjin දැක්කා . ඒකේ තිබ්බෙ yuji ගෙයි එයාගෙ අලුත් boyfriend ගෙයි photos . එදයින් පස්සෙ hyunjin ගොඩක් මානසිකව කඩා වැටුනා . මොකද එයා කීයටවත් හිතුවෙ නැ එයා එච්චර ආදරය කරපු කෙල්ල එයාව එහෙම රවට්ටයි කියලා . එයා උන හැමදෙයක්ම බෙදා ගත්තෙ මාත් එක්ක . හැබැයි අවුරුදු දෙකක් යනකම් yuji ගැන වචනයක්වත් අඩුම තරමෙ එයාගෙ නමවත් hyunjin මාත් එක්ක කියලා නෑ .

හැබැයි මන් කීයටවත් හිතුවෙ නෑ yuji ව ආයෙමත් දකින්න පුලුවන් වෙයි කියලා , ඒකත් එකම ඉස්කෝල් !!

" hyunjin මට කතා කරන්න ඕනෙ "

Hyunjin හැරිලා බැලුවෙ නැති නිසා yuji ආවෙ hyunjin ගේ මූන ඉස්සරහට . එතකොට තමා එයාගෙ මූන මන් හරියට ම දැක්කෙ . Yuji ලස්සන වෙලා කලින් හිටියටත් වඩා . මට එක පාරටම දැනුනෙ බයක් . ආයෙත් hyunjin ව මට නැති වෙයි කියලා .

Our Happy Ending Where stories live. Discover now