Chapter 50

241 48 10
                                    

"ජංකුක්..."

"ඒ කිම් ජංකුක්... මගේ මොබයිල් එක දැක්කද ?"

"අනේ හියුන් ඔයාම නේද මෙතන චාර්ජර් එකට කනෙක්ට් කරලා ගියේ ?"

"ආ ඔව්නේ...මට අමතක උනානේ "

කිම් ජංකුක් ? ඔව්...ජියොන් ජංකුක් , කිම් ජංකුක් වෙලා දැන් මාස දෙකකටත් කිට්ටුයි . හරිම සරල විදිහට ගත්ත පුංචිම පුංචි විවාහ උත්සවයකින් පස්සේ ජංකුක්ව ටේහ්‍යුන්ග්ට නීත්‍යානුකූලවම අයිති උනා . හැමදෙයක්ම ගොඩක් හොද විදිහට සිද්ධ උනා . දවසින් දවසම ටේකුක් අතර තිබුන ආදරේ එන්න එන්නම වැඩි වුනා . එයාලා හිටියේ හුගක් සතුටින් . බැදීම් කියන වචනෙට පවා වෛර කරපු ආඩම්බරකාරයා කිම් ටේහ්‍යුන්ග් දැන් ජංකුක්ට ආදරණීය හස්බන්ඩ් කෙනෙක් .

"අනේ මන්දා ඔයා මොන සිහියෙන් ඉන්නවද කියලා ..."

"සිහියෙන් ඉන්නේ කොහොමද මං මේ වගෙ සුවද ලිලී මලක් මං ඉස්සරහ හරි ලස්සනට පිපිලා තියෙද්දී . "

"ම්ම්...එහෙමද ? "

"හ්ම්..."

ඇදේ හෙඩ් බොඩි එකට හේත්තු වෙලා පොතක් කියවමින් හිටිය ජංකුක්ගෙ කම්මුලක් සිප ගත්ත ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ අතින් පොත පැත්තකට කරලා ඇදේ පෙරලුනේ පිඹුරෙක් වගේ ජංකුක්ව වෙලා ගන්න ගමන් .

"හියුන්ගී....ඇයි දැන් මේ ඇදේ පෙරලුනේ ඔයා ප්‍රොමිස් උනා මට චර්ච් යන් කියලා . "

"හරි ඉතින් යමු කවුද බෑ කිව්වේ "

"එහෙනම් චේන්ජ් කරගන්නකෝ...දැන් රෑ වෙලානේ"

"අර අපේ හියුන්ගේ පොඩි එකා ඉන්නවා නේද සූහෝ"

"ඔව් ඉතින් "

"ඔයා එයාටත් වඩා පොඩි බබෙක් වගේ වෙලාවකට ."

"අනේ මේ..."

ජංකුක් ටේහ්‍යුන්ගෙ පපුවට එකක් ගහලා අනිත් පැත්ත හැරුනා .

"ඔය ගැස්සිලි වලින් තමයි අසරණ මාව දැලේ දාගත්තේ හුම්."

ළග තිබුන කොට්ටයක් ඇදලා අරන් ජංකුක්ගෙ පැත්තට විසි කරන ගමන් ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිටලා ගියා .

Time pased

ජංකුක් යන් කියපු චර්ච් එකට ටේහ්‍යුන්ග්ලගෙ ගෙදර ඉදන් පයින් යන දුර . ඒ නිසා පාලු පාරේ ටේහ්‍යුන්ග්ලා මේ චර්ච් එකට යන ගමන් .

𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekook• ✔ Where stories live. Discover now