10. කලු පාට වුනු හැඟීම්...

115 26 18
                                    



අගෝස්තු නිවාඩු කාලේ මම හිටි⁣යේ ආය කවදා ඉස්කෝලේ පටන් ගනිද.. ඇයි මේ දවස් යන්නැත්තේ කියන මනො විකාරෙන්.. කොහොම හරි ඉස්කෝලේ පටන් ගන්න දවස් දෙකක් තියෙද්දි අපේ තාත්තා කතරගම යමුයි කිව්වා....

හරියට නිකං ආසවෙන් පිඹලා පිඹලා ලස්සනට ලොකුවට පිම්බුන බැලුම් බෝලේ එකපාර පුපුරනවා වගේ හැඟීමක්..

තාත්තා තව සති දෙක තුනකින් ආපහු යන්නත් ඉන්නේ.. ඒ නිසා.. කොහොමත් මට බැහැයි කියන්න බැහැ.. අපි පස් දෙනා ඉතින් කතරගම ගියා. ඉස්කෝලේ ආවේ.. පටන් ගත්තට පස්සේ දවසේ. එදා පාන්දර ආව නිසා හරි නම් මම නිදාගන්න ඕන උනත් නිදිමත පැත්තක දාලා මම ඉස්කෝලේ ආවා. එකම හේතුව මාසෙකටත් වැඩිය ඒ දුඹුරැ පාට ඇස් නොදැක ඉදලා මට ඒ ඇස්වල ලස්සන පාට අමතක වෙයිද කියලා බය හිතුනු එක..


" අමන්දා...මොකද ආවේ නැත්තේ...? "

" මිස්.. මේ.. කතරගම ගිහින්... ආවේ අද පාන්දර.."




" හරිම ශෝක්... මිස් ප්‍රින්සිපල් ගාවට යවන්න මෙයාව.. ලියුමක් අරන් ඇවිල්ලත් නෑනේ.."

මම මිස් ගාව ශේප් වෙද්දි අර දිගන්චියා මිස්ව අවුස්සනවා.. මම ආය උපරිමයෙන් රැව්වා. නිදිමතේ මේකව බලන්නම ඉස්කෝලේ ආවටත් පාඩුයි...

ඒ වෙලාවේ එහෙම කිව්වට මාව උදේ දැක්කම මතීෂ හිනාවුන විදිය.. මට අදටත් මතකයි. එදා මම ආවේ පරක්කු වෙලා.. ප්‍රිෆෙක්ට් උනාට කුනු ඇහිදින්නත් උනා.. මම එද්දි මතීෂ ඔෆිස් එකෙන් නාම ලේඛනේ එක්ක වාර්තා පොත අරන් එන ගමන්.. එයාගේ ඇස් හරිම හුරතල් විදියට ලොකු වුනේ.. ඊට පස්සේ එයා ඇස් රැලි කරන් හිනාඋනා..

මතීෂගේ දුඹුරැ පාට ලස්සන ඇස් ලොකු වෙද්දි.. එයා හරියට පූසෙක් වගේ.. ඒ වගේම තමයි.. කේන්ති ගියාම.. හෙන නපුරු පූසෙක්.. වගේ එයාගේ ඇස් බය හිතෙන විදියට හැරෙනවා.. හරියටම කියනවා නම් බය හිතෙන කොටියෙක් වගේ ඒ ඇස් අඳුරු වෙනවා.. එයාට කේන්ති ගියාම කොහොමත් බය හිතෙනවා.. බෙල්ලේ ඉදන් නහර උල්ලුප්පගෙන ගිනි පිඹින මකරෙක් වගේ එහාට මෙහාට ගිහින් බෙරිහන් දෙන්නේ..

අර අහිංසක හුරතල් දුඹුරැ පාට ඇස් දකින්න මම හැමදාම උනත් කැමතියි.. ඒත් දවස් ගත වෙද්දි.. ඒ ඇස් මට හොයාගන්නත් බැරි උනා.. ඒ ඇස් මං දිහාවට හැරෙද්දි.. ඒ තරම් නපුරු වෙලා අඳුරු වෙන්න ගත්තේ ඇය කියලා මම දැනන් හිටියේ නැහැ. මම මතීෂට කිසිම වරදක් කරපු කෙනෙක් නෙමෙයි. ඇත්තටම අපි කවුරුත්.. නෙමෙයි. ඒත් හේතුවක් නොදැනම.. මතීෂගේ අඳුරු ඇස් නිසා ගිනිගන්න මට සිද්ධ උනා. අපේ යාලුකම.. කතාබහ නතර වෙලාම ගියා.. මොකද දැක්කොත් මාව මඟඇරලා යන.. ලොකු තරහවකින් එයා මාව රිද්දුවා.
.
.
.
.
.
.



MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now