16. ආදරේ නිසාම...

99 22 8
                                    




ප්‍රයිස් ගිවින් එක වෙද්දි අපි ආය යාලු වෙලා හිටියේ. තිබුනු තරහවල් සේරම අමතක කරලා දාලා අපි අපේ ඇස් දිහා බලන් හුඟක් අයට හොරෙන් ආදරේ කලා. සාමාන්‍යයෙන් රණ්ඩුවකට පස්සේ ආදරය කරන දෙන්නෙක් අතර බැඳීම තවත් ශක්තිමත් වෙනවා කියලා කියන එක ඇත්ත. අර එපා කරපු වේදනාවට පස්සේ අපි දෙන්නටම දැනුනා... ඇත්තටම අපි දෙන්නට දෙන්නව මොන තරම් ඕනෙද.. කියලා. ඒ හැඟීම් කොච්චර හදවත පිස්සු වට්ටනවද කියලා...

ප්‍රයිස් ගිවින් එකේදි.. හනික වරෙව් කොල්ලනේ එකට ⁣තෝරගත්තු කොල්ලො ටික නටන්න ලෑස්ති උනේ තනි කලු ඇඳුම්වලට උඩින් කොස් කොළ වගේ අරවා මේවා කොළ අතුවලින් හදපු සායකුත් ඇදගෙනමයි. මූණ පුරා කලු පාටට මේක්අප් තවරගෙන.. බොරු කොන්ඩා දාගෙන.. ඒක තනිකරම විකාරයක්.. ආය ඉතින් කියන්න දෙයක් නැහැ.. නියම යක්කයෝ තමා.. තියන වි⁣සේ එක්ක ඒ සිංදුවට උපරිම සාධාරණයක් කලා කිව්වැකි.

අපි කිරිල්ලියො එකට ලෑස්ති වෙද්දි අපි හැමෝම එක එක පාට චීත්ත ගවුම් ඇදලා කොන්ඩේ ගොතන්නැතුව අර ඔලුව උඩින් මල් දෙකක් දාලා වගේ කොන්ඩ දෙකක් දාගෙන ගවුමේ පාටට රිබන් ගැට ගැහුවා. කොන්ඩ දිග නිසා එහෙම දාද්දි අමුතු ලුක් එකක් තියනවා. අනික ලාවට මේක්අප් කරලා අයිලයිනර් ඇදලා.. ගවුමේ පාටට වළලුත් දැම්මා ම ලස්සනයි ඉතින්. මගේ ගවුම තැඹිලි පාටයි.. ගවුම පුරාම පාට පාට චුටි බෝල තිබුනා. ඒක කොටු කර දාලා මහපු ගවුමක්.. පිටිපස්සෙන් හතරැස්.. පොඩි ඕපන් එකක් එක්ක ගැටගහන්න හිනි පටියක් තිබුන.. ගවුමට ඉන මැදටත් පටියක් තිබුනා. දනිස්ස පේන නොපෙනෙන ගානට ගවුමේ දිග තිබුනේ. මේක්අප් කරන අතරතුරේදි.. මතීෂගේ අම්මා ඇවිත් මං දිහා කන්න වගේ බලන් ඉන්න ගත්තා. හේතුවකුත් නැතුව.. එකපාරම.. එදා ඉතින් හැමෝගෙම අම්මලා තාත්තලා පුලුවන් විදියට කොහොමත් ඉස්කෝලේට එනවා.



මතීෂගේ අම්මා ඇදන් හිටියේ තද මේරැන් පාට ඔසරියක්. මතීෂගේ අම්මා එක්ක හිනාවෙලා කතා කරලා තියනවා උනත් දැන් තත්වය වෙනස් නේ... එයාගේ මැද සුදු කොලුවා.. මගේ බෝයිපෙන් වෙලා. දෙයියනේ එතකොට නැන්දම්මා දැන්ම මං දිහා රවන් වගේ බලන් ඉද්දි මගේ බොක්කේ ඉදන් කූල් වෙලා ගියා. ඒ නිසා මම මේක්අප් කරන අක්කාට ඕන දෙයක් කරගන්න කියලා ඇස් දෙක වහගත්තා. මගේ අත් වෙව්ලන්න ගත්ත නිසා මට මගේ අත් දෙක තදින් අල්ලගන්න උනා. අනේ මන්දා මතීෂගේ අම්මා මං දිහා බලන් ඉන්න විදියට මට සෑහෙන්න බය හිතුනා. පුදුමයක් නැහැ මතීෂට අච්චර නපුරු වෙන්න පුලුවන් ඇයි කියලා.. මතීෂ තනිකරම එයාගේ අම්මා වගේ.

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now