" අන්ඩර් 12 කට්ටිය විතරක් ස්කූල් වෑන් එකට යන්න අනිත් හැම ටීම් එකක්ම බස් එකට යන්න.. මම පොඩි ටීම් එක එක්ක වෑන් එකේ ඉන්නවා "
අන්ඩර් 12, 14 , 16 , 18 , 20 විදිහට ග්‍රෘප්ස් පහක් නුවර යන්න ලෑස්ති වුනා..ලොකු අයියලා ඔක්කොම ඉස්කෝලේ ලොකු බස් එකේ යද්දි අපේ ටීම් එක ඉස්කෝලේ වෑන් එකේ යන්න පිටත් වුනා..මම ඒකට ඇත්තටම කැමති වුනා මොකද මට සද්ද බද්ද ඇත්තටම දරාගන්න අමාරු නිසා..ඊටත් වඩා වෑන් එකේ අපේ සෙට් එකත් එක්ක නිදහස් නිසා.
පිටිපස්සේ සීට් එකේ දෙව්මිණ විදුර විනුල මනුජ ඉන්නකොට මායි හංසජයි ඊට ඉස්සරහ සීට් එකේ හිටියා.. අනිත් සෙට් එක අපිට ඉස්සරහින් ඉදගත්තා..හංසජගේ තාත්තා කෝච් සර් එක්ක ඉස්සරහින්ම හිටියා..
ජීවිතේ පලවෙනි වතාවට අම්මා තාත්තා නැතුව එලියට බැස්ස මම කියාගන්න බැරි හැගීම් ගොඩක් පොදිගහගෙන හිටියා.. මැචස් වලට යාලුවෝ එක්ක එලියට යන එක ස්කූල් ට්‍රිප් යනවා වගේ නෙවෙයි ගොඩක් වෙනස්... සින්දුවක් කියලා විනෝදෙන් ඉන්නවා වුනාට සැරින් සැරේ අපි තරග කරන්න ඉන්නේ කියන එක ඔලුවට එන නිසා..
" උද්‍යාන ඇයි අවුලින් වගේ "
ශටර් එකෙන් එලිය බලාගෙන කල්පානා ලෝකේ හිටපු මාව මොහොතින් හොද සිහියට ආවෙ හංසජගේ කටහඩින්
" එහෙම නෑ අනේ.. නිකන් මට පුරුදු නෑනේ මේ වගේ ගමන් "
" උද්‍යාන ඇයි දෙව්මිණ එක්ක තරහ වෙලා "
එයාට දැනගන්න ඕනි වුනේ ඒක..
" මම තරහ නෑ එයයි හැමදාම වගේ මාව මගාරින්නේ.. දැන් සතියකට වැඩී මාත් එක්ක එක වචනයක් කතා කරලා නෑ එයා.. "
" ඉතින් ඔයා කතා කරලා අහන්නකෝ ඇයි කියලා "
" මට බෑ හංසජ.. කලින් පාරත් මම ගිහින් එයාට කිව්වා කතා නොකර මගාරින්න එපා මට දෙයක් තියේනම් කියන්න කියලා.. මම වැරද්දක් නොකර මම හැමදාම එයාගෙ පස්සෙන් ගිහින් යාලු කරගන්නේ ඇයි.. මම එයාව මගේ හොදම යාලුවා කරගත්තට එයාගෙ යාලුවෙක් නෙවෙයි ඇතිනේ මන් "
" උද්‍යාන ඔයා හිතන කෙනා නෙවෙයි දෙව්මිණ කියන්නේ..ඔයාට තේරෙයි කාලයක් ගියාම "
YOU ARE READING
I LOVE YOU,STUPID!
Romanceමන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත...