🤎හත්වන ඇරයුම🤎

78 17 3
                                    

  වෙනදට සෙනසුරාදා කියන්නෙ ඕවිටේ ගෙදර සද්ද බද්ද වැඩිම දවස......වෙන මොකුත් හින්දා නෙමේ මැණිකෙ ඉස්කෝලෙ හාමිනේගෙ මුණුපුරා එදාට ගෙදරනෙ.......

   කොල්ලගෙ වැඩේ ඉතින් කියවන එක තමයි......අත්තම්මත් හරි ආසයි පොඩි එකාගෙ කතා අහන් ඉන්ඩ.....ගොඩක් ම කියවන්නෙ ඉතින් පොත් පත්තර වලින් කියවන ඒවා තමයි......එක පාරක් කියෙව්වත් සමහර කතා කොල්ලට අකුරක් නෑර මතකයි......

  හැබැයි මේ සෙනසුරාදා ටිකක් වෙනස්......කොල්ලගෙ තැන නුවර ඉදන් ආපු දික් කලිසම්කාරයෙක් අරගෙන......අම්මායි නංගියි එක්ක ගෙදර ගියා නම් මොකද......අත්තම්මා වැලිතලප හදනකම් අත්තම්මා එක්ක කතාවට වැටිලා.....

  කුස්සියෙ තියලා තියෙන බංකුවෙ වාඩි වෙලා කියවනවා හිනාවෙනවා එක විකාරයයි......අත්තම්මත් දෙවනි නෑ.....අද මේ සූකිරිවත් අමතක වෙලානෙ......

දෙන්නට ඕනෙ ඕපදූපයක් කතා කරගන්ඩ කියලා කොල්ලට කාමරේ අස්සට රිංග ගන්නත් හිතුණා......ආයි වැරදිලාවත් මෙයා ලොරි කතාව ඇදලා ගත්තොත් කියලා කතාවෙන දේවල් වලට කන දා ගෙන ඉන්නවා......

 
"හම්මේ මට මතකයිනෙ සුදු මහත්තයා ඒ දවස් වල මෙහෙ දාලා යන්ඩ බෑ කියලා අඬපු විදිහ......අපි කාටවත් හිතාගන්ඩ බැරි උනා මොකක්ද කාරණාව කියලා....."

"මට එතකොට දහතුනක් විතර ඇතිනෙ මැණිකෙ......අපි මෙහෙන් යද්දි....."

"ම්ම්...ඒවගේ තමා ගෙහුන් දැන් පාළොස් අවුරුද්දක් විතරනෙ.......අපේ සූකිරිටයි පොඩි කෙල්ලටයි අවුරුදු තුනයි.....සුදු මහත්තයා අඬද්දි අපේ කොල්ලත් හූ තිය තිය ඇඬුවා.......හරියට යන්ඩ එපා කියන්න වගේ....."

ඔය කවුරුත් යද්දි කොල්ල අඬන්නෙ මොන මගුලටද......අත්තම්මටත් පිස්සු.....සමහර විට මහලොකු සුදුමහත්තයා කාටවත් නොපෙනෙන්න කොල්ලව කෙනිත්තුවද දන්නෙත් නෑ......ඇයි අනේ දැනටත් කොල්ල දිහා බලන්නෙ අර පළවෙනි පාරට දැක්ක දවසෙ  වගේ නපුරු පාට ඇස් වලින් නෙ......

 
"ඇත්තටම ඇයි සුදු මහත්තයො ඇඬුවෙ....."

"ම්...මට...ම්..මතක නෑ...මැණිකෙ....."

  මතක නෑ කිව්ව කතාව නම් බොරුවක් ද මන්දා....මෙයා මේ ගොත ගහන්නෙ......මොකක් හරි හොරයක් තියෙනවා......දැන් මෙතන අහිංසකයා වගේ කතා කලාට දැක්කනෙ කලින් පාරෙ යන මනුස්සයො දෙන්නෙක්වත් නාවගෙන ආවා.......

ආරාධනා...... YIZHAN FF (ongoing) Where stories live. Discover now