5.

129 38 78
                                    

'බේබී නෝ නෝ..කම් හියර්..ඔතනින් වැටෙයි..'

..............

'හේයි මයි ඩියර් පිනොකියෝ.....මන් කිව්වනේ මෙහෙට එන්න...'

........

'ජීසස්..!! ඔතනින් වැටිලා ඔය බෝල පස්ස බිම ඇනගෙන එන්න එපා පප් පප් ගාගෙන' පෙනේද පෙනේද මේ මඩ බෝනික්කිගේ තියෙන ඇට්ටරකම...පොඩිකමට නෙවෙයි වැඩ...ඇත්තටම එයා ගැන කිව්වොත්..මේ වෙලාවේ එයාගේ ඇගේ තියෙන්නෙ පිපී දානවට ඇදන් ඉන්න පැම්පි එක විතරයි....

කුක්කු එක බීලා බෝල බණ්ඩියත් උස්සගෙන ඇද වටේ අර චූටි බෝල කකුල් දෙක රිදෙනකන් දණ ගෑවා....මගේ ගාව ඉදන් ඇදේ එහා කෙලවරට ගිහින් චූටි ගිග්ල් එකක් දාලා ආපහු මන් ලගට එනවා...ඒක තමයි එයාගේ ලොකුම හපන්කම...හති වැටුනට පස්සෙ මගේ අත් දෙක අස්සෙ ගිලිලා චුට්ට වෙලාවයි ඉන්න හම්බුනේ..

'නූ නූ...'

හරිම කරදරෙන් වගේ අර චබී ලිප්ස් දෙකත් පවුට් කරගෙන අත් දෙකෙන් ඇදන් ඉන්න ජම්ප් සූට් එක අයින් කරන්න හදනවා...නෝ නෝ...ඕක නම් එච්චර හොද වැඩක් නෙවෙයි ඔන්න...හොදයි ඒත් අන්තිමට මට සිද්ද උනා ඒ චූටි කිරි පාට බෝල ඇග එලියේ දාගෙන නටන්න එයාට උදව් කරන්න....පුංචි වදකාර මඩබෝනික්කි..!!

එතකොට දැන් මේ වදකාර මඩබෝනික්කියි මමයි දෙන්නම ඉන්නෙ අපේ ගාඩ්න් එකේ..වෙන මොකටද ඉතින් මේ බඩ්ඩට නටන්න තමයි...ඇත්තටම කෙල්ලනේ මට හරි මහන්සී මේ මනුස්සයා එක්ක දගලලා.. දැන් පැයක විතර ඉදන් මගේ රෝස පාට සීනී පුලුමේ අත පය නිකන් රෝබෝ පැටික්කෙක්ගේ වගේ වැඩ!

මන් අහන්නෙ..අර හෙම්බිච්චං කුක්කු බෝතලේ බීලා මෙහෙම නම් හබුං ඒම කන්න ගත්ත දාසට කෝම දගලයිද කියලා...ඔහ්!! ස්මයිල් ඉන් පේන් අබවුට් මා ෆියුචර්!!!! ඉදලා ඉදලා මල්සරා හැදිගෑවිලම යන්න විදිනවා කියන්නෙ මෙන්න මේකට තමයි...

ගෝඩ් මේ කොල්ලා!!!

'මයි බේබී!!! කෝ මෙහෙට එන්න...ගෝඩ් මට හරි මහන්සී! ඕකේ ෆයින් ඔයා එන්නෙ නෑනේ..එහෙනම් මන් යනවා....!!! ටටාආආආ...!! ' හුහ් ඔන්න ඔන්න ඒ පාර නම් අර බෝල ඇස් දෙක තඩිසි කරගෙන මන් දිහා බලනවා..ඔව් ඔව් එයාට ටටා කියන්නෙ යද්දින් කියලා තේරෙනවා..හුටා!! විසික්කා නේද මගේ ආසම ප්ලුශී එක!!

𝙋𝙞𝙣𝙠𝙮 𝙈𝙖𝙧𝙨𝙝𝙢𝙖𝙡𝙡𝙤𝙬 ||𝙏𝙆||Where stories live. Discover now