6.

123 39 91
                                    

'happy birthday to you//

happy birthday dear TaeTae....

happy birthday to you......'

' වූ වූ බෙබ්ලී...'

'යස් මයි ඩේසි...ඉට්ස් යොර් බර්ත්ඩේ..කෝ ෆූ ගාලා පිබින්න..'

'පෲඌඌඋෆ්ෆ්...' හහ් ඔය ෆූ ගෑවේ...ඉටිපන්දම නිවන එක කෙසේවෙතත් මන් දන්නවා තව ටිකකින් මේ පණු පැටියා අර චූටි බෝල ඇගිල්ලක් නම් පුච්චගන්නවා....පුදුම විසයක් ඒක..හිතන් ඉන්නෙ ඉටිපන්දම ඇල්ලුවම ඔක්කොම හරි කියලා..

චටස්...

'ඩෝන්ට් ටච් ඉට්...හප්' අල්ලන්නමයි හදන්නෙ.. දුන්නා චූටි අතට පාරක් ඇයි අනේ මම එපැයි ඊට පස්සෙ දුක් විදින්න...! තේරෙන්නෑ මෙයාට ඕවා..

'ජන්කූ...එයාට තේරෙන්නෙ නෑ ඒක..ගහන්නෙපා...ඔයත් පොඩි දවස් වල ඔහොම තමයි හිතන් ඉන්නෙ එකපාර ලොකු උනා කියලා..'

ආඅහ්හ් ඔක්කොටම හපන් අපේ පපා..ඔයත් ඕම චමයි යැව් යැව්...ආන්න ආන්න පේනවා නේද මේ වදකාර මඩබෝනික්කිටත් පපා මට බනිනකන් ඉන්නොනි ඇස් දෙක තෙමාගන්න..පෙනේද තොල් දෙකත් පෙරලන් ලෑස්ති වෙන විදිහ...

'ඕකේ ෆයින්..මම යනවා..ඕනේ එකක් කරගන්න..'

'ජන්කූ පුතෙ-'

'යන්න දෙන්න බෙකී..එයාට තරහ යන්න තරම් දෙයක් කිව්වද මන්.'

'කමෝන් කූල් පපා..මම පොඩි මෑන්ස්ව බලන්නම්..ඔයාලා කන්ටිනිව් කරන්න...' යුන්ගි ඒහෙම කියාගෙන පොලවට රිදෙන්න වගේ අඩි හප්පන කුලු හරක් පැටියා දිහාට යන්න ගත්තා..

'හේයි මිස්ටර් ජන්කුක්..මොකද මේ ආ...කූල් මෑන්..පපා එක්ක ඇරගන්නෙ මොකද ආ?'

'මටෝනි නිසා..ඔයාට වැඩන්නැනෙ..' හුහ් එනවා මෙතන ඕන එකයි නැති එකයි ඔක්කොම හොයන්න....ඒ උනාට හුන්ගිට ආදරෙයි..එච්චරයි!

'ඕහෝ පේන විදිහට අපේ පුංචි ලවර් ට කේන්ති ගිහින් වගේ එයාගේ නෝටි බේබි ගේ වැඩ හින්දා...'

'ම්..මොකක්ද?'

'මොකද ඇස් දෙක පොල් ගෙඩි දෙකක් කරන්...??' එයා දැන් මොකක්ද කිව්වෙ..පොල් නෙවේ ඉර හදත් පෙනුනා ඒකට නම්...

𝙋𝙞𝙣𝙠𝙮 𝙈𝙖𝙧𝙨𝙝𝙢𝙖𝙡𝙡𝙤𝙬 ||𝙏𝙆||Where stories live. Discover now