🌼_Chapter 01_🌼

201 14 5
                                    

" මෙවන් නැගිටින්න. පාඩම් කරන්න කිව්වට පාඩම් කරෙත් නෑ.. බොරුවට පොත් ටික බදාගෙන දැනුත් නිදි. මෙවන් නැගිටිනවා lectures වලට යන්න පරක්කු වෙනවා.. අදත් හොස්ටල් එකේම ඉන්න තමයි වෙන්නෙ හොඳේ... "

උණුවෙන් දුම් දාන කිරි කෝප්පෙත් අතේ තියාගෙන සයාශ් කෑ ගහනවා. වෙන මොකුත් නිසා නෙවෙයි. එක්සෑම් එකට සතියක් වගේ තියෙද්දිත් රිවිශන් කට් කරන්න කම්මැලිකමේ නිදන් ඉන්න මෙවන් නිසා.

දෙන්නත් එක්ක කලින් දවසෙ රෑ පාඩම් කරනවා කියලා දෙන්නා එක්ක ඉද ගත්තට පැයකින් විතර බලනකොට පාඩම් කරලා තියෙන්නෙ සයාශ් විතරයි. එහෙම නිදා ගෙනත් මේකා තවත් නිදිනෙ කියලා සයාශ් හිතෙන් බැන බැනම කිරි එකත් ඇද ලඟ ස්ටූල් එක උඩින් තියලා වොශ් දාන්න යන්න හැරුනා.

" සයාශ් මන් පෙරවන් හිටපු බෙඩ්ශීට් එක කෝ... ? "

අඩ නින්දෙම ඇඳ පුරා අත ගගා මෙවන් පෙරවන් හිටපු බෙඩ්ශීට් එක හොයනවා.

" බෙඩ්ශීට් ?? බෙඩ්ශීට් තමයි දෙන්න ඕනි තමුසෙට ! ! "

එහෙම මුමුන මුමුනම සයාශ් ආපහු මෙවන් හිටපු තැනට කිට්ටු උනේ දෙකක් ඇනලා හරි මෙවන්ව ඇහැරවනවා කියලා හිතන්.

"නැගිටිනවා මනුස්සයො මටත් පරක්කු කරන්නෙ නැතුව..."

දනිස් දෙක හරහා වැටිලා තිබුන බෙඩ්ශීට් එකේ පොටකින් අල්ලලා විසි කරන ගමන් සයාශ් ආයෙ කෑ ගහන්න උනා.

" අනේ බං හීතලයි..... බලනවකො තාම හතයි වෙලාව. හොඳට නින්ද යන වෙලාවනෙ මේ. ටිකක් ඉඳලා යමු.."

" අනේ ඉන්න එකයි ඇත්තෙ.. මන් යනවා රෙද්ද . එන්න එපා පරක්කු වෙලා එහෙම lecture හෝල් එකට. රූම් මේට් කව්ද අහපුවම මමත් බැනුම් අහපන්කො."

සයාශ් පුපුර පුපුරම lectures වලට යන්න ලෑස්ති උනා. යිබෝ තාම ශෝට පිටින් නිදි.



































@lecture hall

" good morning බං.."

" morning morning "

" අනේ සුදු මහත්තයා කිරියෙන් පැනියෙන් ඉතිරෙන..."

" හා හා කට වහපන්. උඹ පතන පැතිල්ලට උතුරන්නෙ ඇපත් නැති වෙන්න."

🌼..ඇසි පිය යට..🌼 (Onhold)Where stories live. Discover now