🌼_Chapter 04_🌼

53 9 6
                                    

ගිය සැරේ නිවාඩුවට ගෙදර ගියහම අම්මා ඔතලා දීපු දොදොල් ටිකෙන් බාගෙකට වඩා තාම ඉතුරුයි. සයාශ් හීටර් එකත් අරන් ජෝගුවට වතුර ටිකකුත් දාගෙන ප්ලග් පොයින්ට් එකට ලගට ආවෙ උදේ උණු කරලා ෆ්ලාස්ක් එකට දාලා තිබ්බ වතුර එක නිවිලා තිබුන නිසා මෙවන්ට තේ එකක් හදන්න ආයෙත් වතුර උණු කරන්න.

ජනෙල් පියන් වලින් කාමරේ ඇතුලට වැටිලා තිබුන ලොකු අඹ ගහේ හෙවනැල්ල එහා මෙහා වැනෙනවා පෙනුනෙ හදේ එලියට. කාමරේ එහා මෙහා වැනෙන හෙවනැල්ල දිහා බලාගෙන සයාශ් හීටරේ ගහලා වතුර උනු වෙන්න තියපු පොඩි ස්ටූල් එක උඩින්ම ඔලුව තියන් හිටියා. තප්පරෙන් තප්පරේ වෙලාව ගෙවිලා යනකොට ඇස් පිහාටු යන්තන් යන්තන් බර වෙලා පියවිලාම යන්න ඔන්න මෙන්න වගේ වෙන්න ඇති.
මෙවන් බාතෲම් එකේ ඉදන් කෑගහන්න ගත්තා.

"මේ...... සබන් ඉවරයි...." 

" ශයියෝ බංං.... පොඩ්ඩක් ඇස් දෙක පිය වෙන්න ආවා විතරයි.."

"අනේ ඕයි සබන් කෑල්ලක් ගෙනත් දෙනවකො.."

මෙවන් එක දිගටම කෑ ගහද්දි සයාශ් ඉවසීමෙන්ම අහන් ඉදලා උත්තර බැන්දා.

" කොහෙද තියෙන්නෙ ? "

" බලපන් මගෙ කබඩ් එකේ ඇති "

සයාශ් ඉදන් හිටපු තැනින් නැගිටලා මෙවන්ගෙ ඇඳ එහා පැත්තෙ තිබුන කබඩ් එක ලගට ගියා.

" පොඩි ලාච්චුවෙ ද ? "

" මතක නෑ බං... පොඩ්ඩක් බලපන්කො කොහේ හරි ඇති.."

මෙවන් බාතෲම් එකේ ඉදන් කෑ ගහන අස්සෙ සයාශ් මෙවන්ගෙ කබඩ් එක පුරාම සබන් කැට හොයනවා. කබඩ් එකටම තට්ටු තුනයි පොඩි ලාච්චු තුනයි වෙනකොට සබන් කැටයක් ඒකෙ ඇතුලෙන් හොයා ගන්න සයාශ්ට බැරි උනා.

"මේකෙ ඇති සබන් කැටයක් නෑ බං රෙද්ද.. "

" අනේ හිටපන්... උබ කටින්නෙ බලන්නෙ. "

මෙවන් කෑගහගෙනම බාතෲම් එකේ දොර ඇරගෙන කාමරේට ආවා. ඔලුවෙ ගගා හිටපු ශැම්පු ටික කන දෙපැත්තෙ බේරෙනකොට මෙවන් ඇගිලි තුඩු වලින් හිස් කබල මසාජ් කර කර සයාශ් හිටපු තැනට, මෙවන්ගෙ කබඩ් එක ලගට ආවා.

"ඕයි...."

සයාශ් කෑ ගැහුවා. කෑ ගහගෙන අඩියක් පස්සට විසි උන පාරට ගිහින් වැටුනෙ මෙවන්ගෙ ඇඳ උඩට.

🌼..ඇසි පිය යට..🌼 (Onhold)Where stories live. Discover now