~ Chapter 08 ~

131 25 3
                                    

මගේ ඉස්සරහින් වාඩි වුනු ඩැනියල් මගේ ඇස් දිහා කෙලින් බලද්දී මගේ ඇස් නොදැනීම බිමට බර වුණා...

"Baby මේ තමයි මං ගත කරපු ලස්සනම month එක...with you...මට ඕනී අද දවස අපේ life එකේ unforgettable date එකක් කර ගන්න...මං try කළා.....but මම success  ද කියලා නම් දන්නේ නෑ....මේ විලා එක...beach dinner එක...මේ හැමදේම ඔයා වෙනුවෙන්..."

මගේ අත් දෙකෙන්ම අල්ල ගෙන කිව්ව ඩැනියල් මගේ ළගින් ඈත් වෙලා එයාගේ සාක්කුවේ මොනා හරි හෙව්වා...ඒ මූනේ හිනාවක් තිබුණා...

මං කොහොමද දෙවියනේ මේ සතුට..මේ හිනාව නැති කරන්නේ..ඩැනියල් හොද කොල්ලෙක්...ගොඩක් carring...loveable..ඒත් මං කොහොමද මගේ ආදරේ අමතක කරන්නේ....

"This is for you too..."

මගේ පැත්තට නිල් පාටට හුරු වෙල්වට් බොක්ස් එකක් දිග් කරපු ඩැනියල් මං දිහා බලාගෙන ඒ බොක්ස් එක විවෘත කළා...

මං හිතන්නේ මගේ ඇස් ගැස්සුණා...ඒ වගේම මගේ අතේ ඇගිලි තද වුණා...

ඒ තිබ්බේ ring එකක්...wedding ring එකක් නම් නෙවෙයි...ඒත් diamond ring එකක්...

"ඩැ...ඩැනියල්...?"

"One month anniversary  එක අමතක නොවෙන්න මගෙන් පොඩි gift එකක්...."

ඩැනියල් ඒක මගේ අතට දාන්න හැදුවත් මං box එක පිටින්ම මං ළගට ගත්තා....

මට මතක් වුනේ ගගන අයියා මට propose කරපු දවස...මට දැනුනා අතීතේ නිසා මගේ ඇස්වල ආයෙත් කදුලු පිරෙනවා...මං ඇස් පිල්ලම් ගහලා කදුලු ඇස් වලින් එලියට එන එක නවත්ත ගෙන ඩැනියල් දිහා බලලා ලාවට හිනා වුණා...

"You like it?"

මං ඔව් කියන්න ඔලුව වනලා එතනින් box එකත් අරන් නැගිටින්න හැදුවත් මගේ අතින් ඇදලා ඩැනියල් මාව එයාගේ ඔඩොක්කුවට වට්ට ගත්තාම නම්...මාව ගැහෙන්න ගත්තා...නෑ මට මේක ඕනි නෑ....

"Love you baby..."

මගේ තොල් වලට නැමිලා කිව්ව ඩැනුයල් මගේ තොල් අල්ල ගන්න කලින් මගෙ ඔලුව පැත්තට හැරෙව්වා වගේම එයාගේ තොල් මගේ බෙල්ලේ නතර වුණා....

"ඩැ...නියල් එපා..."

මං කිව්වත් එයා කවදාවත් නැති විදියට මගේ බෙල්ල උරන්න ගනිද්දූදී මං එතනින් ගැලවෙන්න දැගලුවා...මගේ වචන මටම ඇහෙන්නේ නැති තරම්...

~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now