• වෙස් - 06 •

380 51 53
                                    

වෙලාව පාන්දර පහට විතර ඇති...

එළියේ හීනියට පොද වැස්සක් වැටෙනවා...

මේක සාමාන්‍යයෙන් වැස්ස වැටෙන කාලයක් නොවුණත් නුවරඑළියට වහින වැස්සට නම් වෙලාවක් කලාවක් තිබුණේ නැති තරම්...

පාන්දර කළුවරේ වැහි පොද නොපෙනුණත් වටපිටාවේ ගස් කොලන් වලට වතුර වැටෙන සද්දෙන් ඒ බව කියන්න පුලුවන්කම ඕනම කෙනෙක්ට ති⁣බුණා...

අඩවල් කරපු බැල්කනි දොරෙන් හීනියට ගලන සීතල හුලඟ සයාශ් ගේ කම්මුල් වල දැවටුනා...ඒ සීතලට සයාශ් ගේ නිරුවත් කිරිපාට උඩුකයේ සංවේදි තැන් යන්තමට රිදුම් දෙන්න පටන් ගත්තා...

එයාට දොර වහන්න ඕන උනා...ඒත් ඒකට බෙඩ් එකෙන් නැගිටින්න කිසිම ඕනකමක් සයාශ් ට තිබුණෙත් නෑ...සයාශ් ඒ වෙනුවට උණුහුමට ගුලි වෙන්න තැනක් හෙව්වා...

අන්තිමේදි තමන්ගේ ඩුවට් එක අස්සේ ගිලුණු සයාශ් සනීපෙට කොට්ට ගොඩ අස්සට තෙරපුනා...

" එයා සමහර විට අද කතා කරන එකක් නැති වෙයි...."

පැය ගාණක බලා ඉඳිල්ලක් අවසානයේ සයාශ් ගේ කටින් පිට උනේ බලාපො⁣රොත්තු කඩ උන ජාතියේ දිග හුස්මක්....

මේ ගත උන මුලු රෑට සයාශ් හිටියේ අවදියෙන්...

දවල් අහම්බෙකින් වගේ තමන්ට හම්බ උන අමුත්තා කොයිම වෙලාවක හරි තමන්ට කතා කරයි කියලා සයාශ් සෑහෙන බලාපොරොත්තුවකිනුයි හිටියේ...

හවස් වරුවේ රෙහාන් ඇවිත් ගියාට පස්සේ තිබුණේ පුංචි කලබලකාරි ගතියක්...සයාශ් ට ඩිනර් එකට අමතරව තව බෝල් රූම් ඩාන්ස් එකකටත් ⁣සහභාගි වෙන්න සිද්ධ වෙලා තිබුණා...එතන හැමෝම හිටියේ සයාශ් ගේ ලඟම යාලුවෝ වගේම පවුල් වල සාමාජිකයෝ කීපදෙනෙක්...

රාජතාන්ත්‍රික මට්ටමේ ඩිනර් එකක්...සයාශ් රිප්‍රසන්ට් කරේ එයාගේ තාත්තව...

ඔය හැමදේම අතරෙත් සයාශ් ට එයාගේ අමුත්තව මතක් නොවුනාම නෙවෙයි...ඒත් ඩිනර් ඉවර වෙලා ඇවිත් හොඳ ශවර් එකකට පස්සේ බෙඩ් එකේ ගුලි ගැහුණ සයාශ් ට රාධව් ව සෑහෙන තරමින් මතක් උනා...

" මටත් නම්බර් එකක්වත් ඉල්ලගන්න තිබුණේ..."

පාන්දර දෙකට විතරත් සයාශ් මිමිණුවේ ෆෝන් එක දිහාම බලන් හිටිය නිසා වෙහෙසට පත් උන ඇස් ඇඟිලි තුඩු වලින් පිරිමදින ගමන්...

• වෙස් | 𝐒𝐈𝐍𝐇𝐀𝐋𝐀 𝐁𝐋 •Where stories live. Discover now