පස්වන තප්පරය 🌸⏳⏱️

11 4 0
                                    

විවිදාකාර මිනිසුන් හමුවන ලෝකේ....
හමුවෙලත් හිමි නොවන....
හිමි වෙලත් අහිම වන උන් අතරේ
මම නුඹට කොන්දේසියක් නැතිවම
ප්‍රේම කරමි.....♡

#තේනු

___________________

හශානුයි නුවියි කැෆේ එකෙන් එලියට ගිහින් කාර් එකට වෙලා හිටියා..ටික වෙලාවකට පස්සෙ වත්සුනු මේඝා ඉන්න ටේබල් එකටඇවිත් වාඩි උනා..

"අහ්..වත්..වත්සුණු ඔයා ආවද..??"

"මං පරක්කු නෑනේ මේඝා..! ට්‍රැෆික් එක තිබ්බා පාරේ දන්නවනේ කොළඹ හැටි ඔහොම තමා...!"

"අහ්...එකට කමක් නෑ වත්සුණු..! එච්චර වෙලාවක් ගියේ නෑ.."

"මොකද එක පාර කොළඹ ආවෙ මාව බලන්න..! කිව්වනම් මම එනවනෙ කැලනියේ ඔයාව මීට් වෙන්න..!"

මේඝාගෙ හිත ගැස්සුනා ඒ වෙලේ..මේඝා බයෙන් හිටියේ එයාව අහු වෙයි කියල..

"අහ්..නෑ...වත්සුණු..මේ..මේ මටත් ආසයිනේ ඉතින් කොළඹ බලන්න...කැලණියට වෙලා ඉදලම එපා වෙලා ඒකයි මම ආවෙ !"

"අහ් ...එහෙනම් යමු බීච් එක පැත්තට..ආව එකෙ රවුමක් ගහලම යන්..!"

"බීච්..!..අහ්..මේහ්..එහෙම ඔනෙ නෑ වත්සුණු..! මෙ..මෙහෙම හොදයි.."

මේඝා එතකොට නම් හුගක් බය උනා..මූනත් එක්ක වෙනස් වෙන හැටි වත්සුණු පවා හොදටම දැක්කා..මේඝා බය උනා වත්සුණු එක්ක කොහෙ උනත් යන්න...

" එහෙම හරි යන්නැනේ...එන්න යන්න කෝ යන් යන්..!"

එහෙම කියල වත්සුණු මේඝාවත් ඇදගෙන එලියට ආවෙ බීච් එක පැත්තට යන්න කියල ...මේඝා වත්සුණුගෙ අත අතාරින්න උත්සහ කලත් එක මේඝාට කරගන්න අමාරු උනේ වත්සුණු මේඝාගෙ අත තදින් අල්ලන් හිටපු නිසා...

වත්සුනුටයි මේඝාටයි බීච් එක ගාවට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ..මොකද කැෆේ එක තිබ්බෙ බීච් එක ගාවම නිසා...වෙනදා වෙරලේ ගොඩක් අය හිටියත් අද වෙරළේ හිටියේ කීප දෙනෙක් විතරයි...

"වත්..වත්සුණු මගේ..මගේ අත අතාරින්නකෝ..රිදෙනවා..!"

"අහ්..සොරි මේඝා මන් බුරුල් කරල අල්ල ගන්නම්..."

You've reached the end of published parts.

⏰ Last updated: Apr 03 ⏰

Add this story to your Library to get notified about new parts!

_තප්පර මල්👁️‍🗨️⏳🎯_  ( Yoonmin nonff)Where stories live. Discover now