002🎶

598 88 32
                                    


" සරිත්...."

" ඉන්නව මිස්...."

" නිමෙත්...."

" ඉන්නවා..."

" ජයනාත්..."

" ඇවිත් නෑ මිස්..."

මිස් නාමලේකනේ ලකුනු කරනකොටමයි මම පන්තියට ඇතුල් උනේ..

" වින්සුක...!!! ඔහොම ඉන්නව...."

මම එක තැනම ලොප් උනේ මිස්ගෙ සද්දෙට.....අදත් බැනුම් කෝටියයි.

" මොකද පරක්කු...ගාථාත් කියල රෙජිස්ටර් ලකුණු කරන වෙලාවටද උඹලට ඇහැරෙන්නෙ..ශික් මුලු පන්තියෙම දවස කාලකණ්ණි කරනව....එන්නෑ පන්තියට ඉන්නව එලියෙ...පරම්පරා වලව් කාරයො..වෙලාවට වැඩක් කරගන්න බෑ..."

බැන්නෙම හිත රිදෙන්න..වලව්කාරය කියල බැන්නෙ අරලියගහලියද්දෙන් එලියට බැහැල ඉන්න නිසා කියල දන්නව..නැත්නම් ඕකුන් බනින්න තියා වචනයක් වත් කියන්නෙ නෑ...වලව්වෙන් එලියත් වලව්වෙ ඇතුලත් මට හෙනේට හිටියෙ විවිධාකාර විදිහට...ඇස් වලින් ආව කඳුලු බින්දුවට වැටෙන්න නොදී මම හංගගත්තා..පිරිමි උනාම අඬන්න හොඳ නෑ...! අප්පච්චී කිව්වෙ එහෙම.

හැබැයි අප්පච්චිගෙත් ඇස් වල මම කඳුලු දැකල තියනව ඉඳ හිට..හැමදාම අඬන අම්මගෙ කඳුලු එක්ක තියල බර ගාන මනිද්දි අප්පච්චීගෙ කඳුලු ටොං ගානක් බර උනෙ ඇයි කියන්න මම ඉගෙන ගත්තෙ මෑතක.

පන්තියෙන් එලියෙ අයිනකට වෙලා මම හිටගත්තෙ පාඩම කෙරුවත් ඇහෙන මානෙන්...එලියෙ මොකද ඇතුලෙ මොකද පාඩම ඇහෙනවනෙ...වින්සුක කිව්වම මට මතක් උනේ වලව්වෙන් ආව ලියමන.

ලමයින්ගෙ නම් වලව් නම අයින් කරවන්න.අනිද්ද රත්නපුර කච්චේරි යන්න ලමයි දෙන්නව එවන්න..නැත්නම් ආයෙ වලව්වට එන්න...! වලව් වාසකම් එලියෙ තියාගන්න බෑ...

වලව්වට ආයෙ යන්න ඕන්නෑ...! එච්චරයි තීරණේ..අප්පච්චී අත් ඇරල ආව තැන් වල ආයෙ ලගින්න් තරං අප්පච්චී අපිට අහේනියක් කරල ගිහින් නෑ...

" සතරකන් මණ්ත්‍රනය...කේවට්ට බමුණා එක්ක මහෞශධ පඬිතුමාගෙ ධර්ම යුද්ධය කොටස සිංහල මිස් හරි හරියට කියල දෙනව..කියවලවත් තේරුම් කරගන්න බැරි පාඩම එලියෙ ඉඳන් අහනකොට ගොඩක් ගොඩක් තැන් මට මගෑරුනා..මිස්ට පුලුවන් කම තිබුනා හේතු අහන්න .. පලවෙනි වතාව මට සමාවදෙන්න..අප්පච්චීගෙ මරණෙන් පස්සෙ මම ඉස්කෝලේ ආව පලවෙනි දවස...ඒත් නිදහසට හේතුවක් කියල අප්පච්චිගෙ මරණෙ පාවිච්චි කරන්න මට හිතුන්නෑ.

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now