010🎶

419 78 40
                                    


" හිනාව ඒක හරි අමුතුයි....."

මම සද්දයක් නැති තැන වචන ඉස්සර කරේ පුංචි බේබී.

" ම්ම්ම්...."

" මොකද උනේ මිතිල...කවුරු හරි මොනව හරි කිව්වද...."

" නෑ පුංචි බේබී..." මම කිව්වෙ වාහනේ ජනේලෙන් එලිය බලාගෙන...

අවස්තාවාදී මිනිස්සු....! මගෙ ඔලුවෙ තිබුනෙ එච්චරයි...

පුංචි බේබි සද්දයක්වත් නැතුව වාහනේ පදිනව...වෙලේ රවුමෙන් දාල හරවනකොටම මම දැනගත්තා යන්නෙ මැද්දෙගං පන්සලට කියල.

" පුංචි බේබි...වාහනෙ නවත්තන්න..."

" ඇය් මිතිල...."

" නවත්තනවා කිව්වහම...."

" මිතිල...උඹට මොන යකාද ගැහුවෙ කියපන් මට...අනික උඹ කොහොමද කියහන් මට ඔහොම කතා කරන්නෙ..කාලගුණේ වගෙ වෙනස් වෙන්නෙ මොන මගුලක් උනාද උඹට...."

" පුංචි බේබී...වාහනෙ නවත්තලා කරුණාකරල මාව බස්සන්න...."

පන්සල පැත්තටම දානකොට මගෙ ඇගේ හිටපු නිවිච්ච ජීවියා වාශ්ප වෙලා ගිහින් කොහෙදෝ හිටපු රෙප්ටීලියන් ජීවියා ශරීරගත උනා...පුංචි බේබි අන්ද මන්ද වෙලා මූණ දිහා බලන් ඉන්නව...ඒත් කමක් නෑ...

" පුංචි බේබි උඹත් මහ අවස්තාවාදී මිනිහෙක්..."

එහෙම කියාපු මම පුංචි බේබි නවත්තපු තැනින් කාර් එකෙන් බැහැල එන්න ආවෙ ගෙදර...පන්සල් වත්තෙ අඩිපාරෙන් බැහැල දොලෙන් එගොඩ උනාම ගෙදර...

මොනා උනත් මට ඉවසන්න තිබුනා.... ! මට හිතෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි.....

ඉර පායන්න ඉර බහින්න ආයෙ එලිවෙන්න..වක්‍රාකාර ජීවන චක්‍රයක්...එපා වෙලා තිබුන ජීවිතේ තව තවත් එපා වෙන්න අරන් තිබුනා...ඉස්කෝලෙන් ගෙදරට ගෙදරින් හේනට ආයෙ ආයෙත් එකම සිදුවීම් පෙල ජීවිතේ අත් ඇරල යන්න හිතුන වාර අනන්තයි....

.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now