කතාවක් තියෙනවා මේ ලෝකෙ අපිව වැඩිපුර හිනස්සන මිනිස්සු තමයි අපිව වැඩිපුරම අඬවන්නෙත් කියලා..
සමහරවිට උඹලා අහලා ඇති..
නැත්නම් අහලා නැතුවත් ඇති..
මම කියන්නෙම මහ ලොකුවට බැඳීම් වලට ඇලුන මිනිහෙක් නොවුනාත් මං මටම දාගත්ත සීමාවල් ඇතුලෙ මම මගේ කියලා හිතින් අල්ලගත්ත උන් කීපදෙනෙක් ඉඳියා..
ඒ මගේ...
අම්මා..
අප්පච්චි..
බාප්පා..
සීයා..
මල්ලී..
උන් එකෙක්වත් අවංකව මට ආදරේ නෑ කියලා දැනන් ඉඳියාත් වතුරට වැඩිය ලේ ඝනකමයි කියන තැනදි මම අන්ත අසරණ වුණා..
ඒ වගේම ආදරේ ඉස්සරහාත්..
සිගරට් එක තොල් අතරේ රදවන් එක අතක් කලිසම් සාක්කුවට දාගෙන ඈත මුහුද දිහා බලන් ඉඳපු මගේ කට කොනේ ඇඳුනෙ හිනාවක්..
මින්දීර්...මම අද මේ මොහොතෙත් හිතනවා කවදාවත් කාටවත්ම ආදරේ කරන්නෙ නෑ කියන තීරණේ ඉඳපු මගේ හිත අස්සට ඒ පොඩි කොල්ලා රිංගුවෙ කොහොමද කියලා..
හැබැයි ඉතිං ඒකා වයසෙන් විතරයි පොඩි..
වැඩ වලින් නම් ඌ ඉන්නෙ මගෙත් ලොකු අප්පච්චිගෙ ලෙවල් එකේ..
අවුරුදු ගාණකට කලින් උඹ මගේ ළඟ ඉඳලාත් මොන හේතුවක් නිසා හරි එදා මගේ අවදානෙ උඹට ලැබුනේ නෑ..
නෑ.. මම ඒකට හේතුව දන්නවා.. ඒත් මට ඒ දේවල් ආයෙ මතක් කරන්න ඕන නැහැ..
ස්කෝලෙ යන කොල්ලෙක් විදිහට කණ්ණාඩි දාගෙන කොණ්ඩෙ කොටට කපලා ඉදපු උඹ අද නොසෑහෙන්න වෙනස් වෙලා මින්දීර්..
YOU ARE READING
විලන් (Yizhan)
Fanfictionඋඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤