16📖️

4.3K 712 1.3K
                                    

කකුල් දෙක දෙපැත්තට දාපු මම ඉඳියේ අගස්ත්‍යගෙ උකුළ උඩ වාඩි වෙලා වෙද්දී හිතට ආපු ක්ෂණික සිතුවිල්ලක් නිසා මගේ කට කොනක් උඩට ඉස්සුනේ එයා මගෙ දිහා ඇහිබැමි හීනි කරලා බලද්දී..

"නෑ බං මං දැන් ආයෙ එන්නෙ නෑ.. උඹ ඔතන බලපන්.. මාව ඕනම කේස් එකක් නම් කෝල් එකක් දියන්කො.."

මගේ දිහා බලාගෙනම ඇද විට්ටමට හේත්තු වෙලා එයා ශිවා එක්ක කතා කරද්දී මම යටි තොල හපාගෙන උඩ බොත්තම් තුන ඇරලා තිබුණ එයාගෙ ෂර්ට් එකෙන් අල්ලලා එයාව මගේ ඇද්දා..

ආයෙත් එහෙම්මම මම එයාගෙ මූණට ලං වෙද්දී එයා මගේ තොල් උඩ ඇඟිල්ලක් තිබ්බෙ ඇහිබැමක් උඩට උස්සලා සැකෙන් වගේ මගේ දිහා බලන ගමන්..

මූ මං අතවර කරයි කියලා බයවෙලාවත් ද..

එහෙමත් නැත්නම්

මේකාට නගින්නෙ නැද්ද..

කවුද දන්නෙ අවුරුදු තිහත් පනිනකම් තනියම ඉදපු නිසා දැන් ඕකෙන් වැඩක් ගන්න බැරිද කියලා..

ආඩවනේ මුරුගාආආආ...

අපිලාගෙ පොලිෂ් අණ්ණා පාවුම්..

මම කල්පනා ලෝකෙ ඉදපු අතරට එයා මගේ තොල් දෙක එකට තද කරලා මිරිකුවෙ මං එයාට රවලා අතට පාරක් ගහද්දී..

අබ්බගාත වෙලා ඉඳිද්දී මේ යකා මිරිකන්නත් තියාගත්තා..

ඔන්න ඕවාට තමා මට නගින්නෙ..

ප්‍රෙසර්..

"ආව්ව්.. මොකද යකෝ බල්ලෙක් වගේ හපන්නෙ.."

මම එයාගේ බෙල්ල හැපුවාම එයා ෆෝන් එක ක⁣නේ තියාගෙනම මොකද බල්ලෙක් වගේ හපන්නෙ කියලා මගෙන් ඇහුවේ මගේ කට කොනක් උඩට ඉස්සෙද්දි..

"නෑ නෑ බං උඹට නෙමෙයි.. මේ ගෙදර ඉන්න යක් පැටියා.. මූට කොච්චර කෑවාත් මදි අන්තිමට මාවත් කන්න හදනවා.."

අගස්ත්‍ය ශිවාට උත්තර බඳිද්දි මම එයාගෙ බෙල්ලෙ හපපු තැනට තොල් තද කරා..

වෙලාවකට මට ම පුදුමයි ඇයි මං මෙහෙම මගේ කැමැත්තෙන් එයාට ලං වෙන්නෙ කියලා..

ඒත් එයා නැතුව ගෙවපු දවස් හතර මතක් වෙද්දී මං එයාගෙ පහසට තව තවත් ලෝබකම් කරන්න ගත්තා..

විලන් (Yizhan) Where stories live. Discover now