නොදැනීලා පැය වේලා ගතවීලා රෑ දිවා
මග තෝරාගනු බෑ මා හුරුවීලා වේදනා
මේ නොවේ ආදරේ බෑ රිදී පෑරිලා
අපි දුර වැඩී මේ භවේ පාරමී නෑ පුරා.....
.
.
.
.
"සුදූ.."
"තාත්තා.."
කෙට්ල් එක ගහලා තේ හදන්න ලෑස්ති උන මම තාත්තාගෙ කටහඬින් පිටිපස්ස හැරිලා බැලුවා..
"ඔයා තේ හදනවාද.."
"හ්ම්.. ඔව්නෙ.."
"එහෙනම් අද බොන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.."
තාත්තා හිනාවෙලා කියද්දී මූණ ඇද කරගත්තා..
"හරි නරකයි අෆ්ෆා.. මොකද අම්මාට විතරද තේ හදන්න පුලුවන්.. කොල්ලො අපිටත් පුලුවන්.."
"මං බෑ කිව්වේ නෑනෙ.. ඒ උනාට ඉතිං මට නම් ඔය මොන තේ එකටත් වැඩිය රස උඹලාගෙ අම්මාගෙ තේ එක තමයි.."
"මොකද මම නොදන්නෙ.. අම්මා වහ කෝප්පයක් දුන්නත් රස කරලා බොන තරමට ඔයා එයාට ලව්නෙ.."
"එහෙම තමයි කොල්ලො පිරිමි ආදරේ ඉස්සරහා හුඟාක් වෙනස් වෙනවා.. ඔයාටත් කවදාහරි දවසක ඒක තේරුම් යයි.."
"මෙහෙම ඉඳියාට ඉස්සර මාත් නාහෙට අහන්නේ නැති ඇට්ටරයෙක්.. ඒත් ඉතිං මගෙ ජීවිතේටත් කෙනෙක් ආවා මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන.."
තාත්තා ඇරලා තිබුණ කුස්සියෙ දොරෙන් එලිය බලාගෙන කියද්දී එයාගෙ තොල් වල හීනි හිනාවක් ඇඳුනාත් මට හිතුනෙම එයා දුකෙන් කියලා..
"දැන් කෝ එයා.."
මට නිකමට හිතෙද්දී ඒ අම්මා නෙමෙයි කියලා මම තාත්තා දිහා බැලුවේ කුතුහලයෙන්..
"ජීවිතේට එන හැමෝම අපි ළඟ නතර වෙන්නෙ නෑ සුදූ.. තාවකාලික නවාතැන්කාරයොන්ට යන්න වෙලාව ආවම බලෙන් ළඟ තියාගන්නෙ නැතුව යන්න දෙන්න ඕන.."
YOU ARE READING
දෙහදක කඳුලු [Completed]✅
Fanfictionආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔