සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා මගෙ හාදකම් පෑ සිනාඝනඳුරු වලාවෙ නුඹ සැඟවුනාවේ
නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ
යලි අන්ධකාරේ දුරු කල විලාසේ
ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ...........
.
.
.
ඇහිපිය ගහන වේගෙන් සතියක් ගෙවිලා යද්දි හෙට පාන්දරම අනුරාධපුරේ යන්න ඕන නිසා මම බෑග් එකත් පැක් කරලා වොෂ් එකක් දාගෙන බැල්කනි එකට ගිහින් ෆෝන් එකේ තිබුණ විනුල්ගෙ පොටෝස් එකින් එක බලන්න ගත්තා..
මගේ අහිංසකයා..
මට සමාවෙයන් විනූ.. මම මෝඩයෙක් වගේ කිසිම දෙයක් හරියට හොයලා නොබලා උඹව සැක කරා..
එකම එක වතාවක් හරි මං උඹව විශ්වාස කරලා උඹෙන් ඒ ගැන ඇහුවා නම් මේ දේවල් ගොඩක් වෙනස් විදිහට විසදෙන්න තිබුණා..
උඹ හැමදාම මට කිව්වෙ අනේ රාද් මාව රවට්ටන්න එපා කියලා උනාත් අන්තිමට මං උඹට කරෙත් ඒකමයි..
පොටෝස් එකින් එක බලන ගමන් මම හිතින් අපේ අතීත මතක අතර අතරමං වුණා..
.
"තිශාක්‍ය.."
"සර්.."
"අදත් අපේ එක්කෙනා නයිට් ඩියුටි බං.. කොල්ලාට උයන්න දෙන්න බයයි තුවාලයක් කරගනී කියලා.. මම ඉක්මනට හන්දියට ගිහින් කෑම දෙකක් අරන් එන්නම්.. උඹ එතකන් හොද එකා වගේ ඔය නෝට් එක ලියාගනින්.."
"හරි සර්.."
වෙලාව රෑ අටත් පහුවෙලා තියෙද්දී සර් කෑම ගේන්න කියලා හන්දියෙ කඩේට යන්න ගියාම මම කලබලෙන් නෝට් එක ලියලා දාලා පුටුවෙන් නැගිට්ටා..
YOU ARE READING
දෙහදක කඳුලු [Completed]✅
Fanfictionආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔