.05.

34 11 34
                                    

" දෙවියනේ ... මේයීව් ඔබ කොහෙද ගියේ දරුවො "
මාලිගාවේ දොර ඉස්සරහා හිටගන හිටිය මේයීව් ව තදින් වැලඳගන්න ගමන් අධිරාජ්‍යයා මේයීව්ගේ අත් අල්ලගන අඬන්න ගත්තා .. ඒ එක්කමයි මේයීව්ගේ මවත් එතනට දුවන් ආවේ ..

" මේයීව් ! කොහෙද ගියේ ලමයො "
මේයීව්ගේ මෑණියන් තරහින් අහද්දිත් මේයිව් උත්තරය දුන්නෙ නෑ .. කෙල්ලගේ මූණ හරි දුක්බර උනා .. ඒ වගේම එයා දැක්කා ඈත තියාම තමන්ව දැක්ක ඇනස්ටාසියා ගේ මූණ වෙනස් වෙන හැටි .. ඔව් ඔව් ඇනස්ටාසියා ගෙවුන දවසෙ හරි සතුටින් හිටියා මේයීව් ආයෙ නෑවිත් ඉදීවියි කියලා ප්‍රාර්ථනා කර කරා .. ඒත් කෙල්ලව ආයෙම දැක්කම අනික ඇනස්ටාසියා දිහා නොබලාම අධිරාජ්‍යයා වගේම මෑණියන් දෙන්නම මේයීව් එක්කම ඉදිද්දි ඇනස්ටාසියා ට තරහා ගියා ..

" ආ .. මෙයා වෙන්න ඇති මෑණියනි අර නාකි සතාව බේරුවේ.. ඒකට තමා ඔය යන්න ඇත්තේ "
ඇනස්ටාසියා එහෙම කියද්දි අධිරාජ්‍යයා ඇනස්ටාසියා ට රැව්වා ..

" ඇනස්ටාසියා මොනාද මේ කියන්නේ ? මගෙත් එක්ක රණ්ඩු අල්ලලයි මේයීව් ගියේ .. දරුවො අපි ඔයාව හෙව්වා ... රෑ තිස්සෙ කොහාට උනාද ආ ? "

" මම .. මම පීටර් ගේ ගෙදර නැවතුනේ .. වැස්ස නිසා උදෑසනින්ම එන්න හිතාගන "
මේයීව් බිම බලාගනම ඒ බොරුව කිව්වා ..

" අනේ මන්දා අර මොකෙක්ද සතෙකුත් තවම නිදැල්ලෙ ඉන්න වෙලේ මේ කෙල්ල මොන එහෙකටද මහ රෑ නගරෙට ගියේ .. කරදරයක් උනා නන් එහෙම .. "
මේයීව්ගේ මව මේයීව්ව ලොම් කබායකින් ආවරණය කරගන කාමරයට එක්ක යන්න හැරුනා ..

" මෑණියනි ඔහු__ "

" ස්ස් .. කට කට .. කාමරේට ගිහින් බලමු "
මේයීව්ගේ මව සැක කලා මේයීව් හදිසියේම මෙහෙම පිට වීමට හේතුව .. ඉතින් මවකට බැරිද තමන්ගේ දරුවගෙ හිත කියවන්න .. ඒ නිසයි ඉක්මනට අධිරාජ්‍යයා ගේ ඇස් මානෙන් කෙල්ලව මෑණියන් එක්ක ආවේ . මොකද ඇනස්ටාසියත් දැන් මේයීව්ව සැක කරනවා ..

මේයීව්ගෙ කනට කරලා එහෙම මුමුණපු ඇය අධිරාජ්‍යයා ටත් ආචාර කරලා ඉක්මනට මේයීව්ව කාමරයට එක්ක ගියා ...

.
.

" එතකොට ඔහු මනුස්සයෙක්ද ? "

" ඔව් මෑණියනි .. කටකතාව ඇත්තක් .. ඔහු ඇත්තටම සාපලත් මිනිසෙක් .. "
මේයීව් මෑණියන්ට පෙරදින රෑ ඉදන් උදේ වනතුරුම උන හැමදෙයක්ම කිව්වා .. රාජාලියා ගැනත් ඔහු තමන්ව බේරුව එක ගැනත් ..

𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Completed )حيث تعيش القصص. اكتشف الآن