.08.

37 11 25
                                    


" ම්ම්හ්ම් .. ඔව් මගේ යාලුවෙක් මට පාර කිව්වෙ .. ඔහු පීටර් .. මගේ ලඟම යාලුවා .. "
මේයීව් හිනාවෙලා ආඩ්න් ගේ උරහිසක තමන්ගේ උරහිස හේත්තු කරලා බර උනා .. දැනට පැය කීපයක් වෙනවා මේයීව් වගේම ආඩ්න් කතාබහට වැටිලා .. මේයීව්ට අද දවසම තිබුනා ආඩ්න් වෙනුවෙන් ..

ඒත් ඒ කතාවෙන් ආඩ්න් ට තරහා ගියා .. ඔහු ඔරවලා මේයීව් දිහා බැලුවා ..

" හොඳම යාලුවෙක් ? කුමරියකට පිරිමි යහලුවොත් ඉන්න පුළුවන් ද ? "

" හොඳම යාලුවෙක් ? කුමරියකට පිරිමි යහලුවොත් ඉන්න පුළුවන් ද ? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේයීව් හයියෙන් හිනා උනා .. තමන්ගේ කටට අතක් තියලා එයා හිනා වෙද්දි ගොඩක් ලස්සනට පෙනුනා .. ආඩ්න් රවාන හිටියා උනත් මේයීව්ගේ දිග අහින්සක ඇස් , හිනාවෙනකොට රැලි වෙන ඒ ලා රෝස පැහැ කම්මුල් වගේම මේයීව් තොල් වහන් ඉන්න ඒ අත දිහා ඔහුගේ ඇස් ගියා ..
මේයීව්ට තිබුනා හරිම ලස්සන ඇඟිලි .. ඇයගේ හමේ පාට පවා හරි ආකර්ශනීයයි .. ඇය මලක් වගේ හැදුන රාජකීය කුමරියක් .. ඒත් දැන් ඇය එක්තරා සාපයකට ලක් උන දුෂ්ඨ රාජාලියෙක් එක්කලා , අඳුර එක්ක ගල් වලින් පිරුන ගල් ගුහාවක් ඇතුලේ වාඩිවෙලා හිටියා ..

ආඩ්න්ට හිතාගන්න බෑ ඇයි ඇය වැන්නෙකු මෙහෙම හැසිරෙන්න කියලා .. මේයීව් දැන් හිටියේ ආඩ්න් එක්කම බිම වාඩිවෙලා ඔහුගේ ශක්තිමත් අත් බාහුවකට තට්ටු කරමින් ඇය හිනා වෙනවා ..

" ඔහු කුඩා දරුවෙක් අජුශ්ශී .. පිරිමි යහලුවෙක්මත් නෙවෙයි .. ම්ම් අද වෙනතුරු මට එහෙම පිරිමි යහලුවො ලැබිලා නැහැ .. "
මේයීව් තමන්ගේ අත් වලින් ගවුමේ රැලි හැදුවා ..

" ම්හ් මට නම් අද වෙන තුරුම කිසිම යාලුවෙක් ඉඳලා නැහැ .. කිසිම කෙනෙක් .. "
ආඩ්න් ගේ මූණ දුකින්බර වෙද්දි මේයීව් තමන්ගේ ඇස් ලොකු කරලා ඔහු දෙස බැලුවා..

𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Completed )Where stories live. Discover now