.10.

49 11 38
                                    


ආඩ්න් මේයීව් එක්කලා නගරේ කඩ වීදියේ ගොඩක් ඇවිද්දා .. වෙලා ගතවෙද්දි ආඩ්න්ටත් අමතකව ගියා තමන් මේ නගරයට අලුත් අයෙක් වග .. ඔහුත් මේයීව් එක්කලා බොහොම ආසාවෙන් කඩ වීදි වල ලස්සන දෑ බලන්න ගත්තා .. පාරේ එහෙ මෙහෙ යන නගරවැසියන් මේයීව්ට වගේම ආඩ්න්ටත් සුභ උදෑසනක් පතද්දී ආඩ්න් බොහොම ලාවට හිස නැමුවා ..
ඔහු හොඳින් බැලුවා .. මේ මිනිසුන්ට නේද ඔහු තුවාල කලේ ? ඒක බඩගින්න නිසා සිදු උන දෙයක් උනත් ආඩ්න්ට දුක හිතුනා මේ තරම් හොඳ මිනිසුන්ව බය කිරීම ගැන ..

" ඒකට කමක්නෑ අජුශ්ශී .. ගෙවුන දේ අතීතය .. ඔබ දැන් හොඳ අයෙක්නේ .. "
ආඩ්න්ගේ කල්පනාව තේරුම් ගියා වගේ මේයීව් එහෙම උත්තරයක් දුන්නේ ඔහුගේ අතෙන් අල්ලාගනිමින් .. ආඩ්න් පුදුම උනා මේයීව් හරියටම ඒක දැනගත්ත එක ගැන ..

" එන්නකො .. ආ අර පේනවද .. නගරය මධ්‍යයේ තියෙනවා විසාල වතුර මලක් .. "
කඩ වීදි වලින් මේයීව් වෙනුවෙන් ලැබුනු තෑගි බෝග සමහරක් මේයීව් ඇයගේ පුංචි මල්ලට ඔබා ගනිද්දී තවත් සමහරක් ආඩ්න්ගේ අතට දුන්නෙ ඔහුට රස බලන්න කියලයි ...

කඩ වීදි පහුකරමින් විත් ඔවුන් නතර වුනේ නගර මධ්‍යයේ තිබුනු ලස්සන වතුර මල ඉස්සරහායි ..
" ඒක ලස්සනයි නේද .. "
මේයීව් තමන්ගේ සේද ගවොම එහෙ මෙහෙ කරමින් වතුර මලේ කඩා හැලෙන වතුර පාරකට අත ඇල්ලුවා ..

" ම්ම් "
ආඩ්න්ගෙන් ලැබුනේ කෙටි උත්තරයක් ..

" පියාණන් මගේ උපත වෙනුවෙන් ලු මේක නගරයේ හදන්න තීරණය කලේ .. ඔහ්__ අජුශ්ශී ? "
මේයීව් තනිවම කයියේ හිටියා .. ඒ හැරෙද්දියි ඇය දැක්කේ ආඩ්න්ගේ ඇස් එහෙ මෙහෙ යන පැත්ත .. ඔව් ඔව් .. වතුර මලේ පොකුණ කොටසේ විවිධ වර්ගයේ මාලුන් හිටියා .. ඔන්න මිනිස් රාජාලියාගේ ඇස් වලට ඒවා අහුවෙලා ..
එහෙට මෙහෙට පීනන මාලු එකෙක් ගානේ ආඩ්න්ගේ ඇස් ගියා .. ඔහු කලු ලෝගුවත් පැළඳගන මාලු පස්සෙන් වතුර මල වටේ එහෙ මෙහෙ ගියේ කුරුමානමේ වගේ ..

මේයීව්ට හයියෙන් හිනා ගියා .. ඇය ඉක්මනට ආඩ්න්ගේ අත් බාහුවක් අල්ලගත්තා ..
" අජුශ්ශී .. මාලු අල්ලන්න නම් හිතන්නවත් එපා .. එහෙම උනොත් නම් නගරවැසියෝ ඔබව අඳුනගනීවි .. "
මේයීව් තම ඇස් හීන් කරමින් හිනාවෙද්දී ආඩ්න් ඔලුව උස්සලා ඇය දිහා බැලුවා ..

𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Completed )Where stories live. Discover now