28 කොටස

574 108 34
                                    

එදා රකිත් අයියත් එක්කත් කතා කරල ආවට පස්සෙ අපි සුද්දිගෙ ෆෝන් එක බලෙන්ම ඉල්ලන් චෙක් කරා....මේ කෙල්ල නම්බර් එක සේව් කරල නොතිබුණ හින්දා කවුද කෙනා කියල හොයා ගන්න බැරි උනත් නම්බර් එක දීලා කෙනාව හොයාගන්නවා කියල මහත්තයා සැර කරපු පාර සවින්දිද කාගෙද යාලුවෙක් කිව්වා....එතනින් එහාට කොච්චර ඇහුවත් උත්තරේ ඒකම උනු එකයි චැට් වල තිබුණු දේවල් එච්චර හොඳ තත්වෙ නොතිබුණු එකයි සේරම අල්ලලා මහත්තයාට කේන්ති යද්දි එවෙලෙම රකිත් අයියට එන්න කියල ෆෝන් එක අරන් යන්න කිව්වා....කවදාවත් නැතුව සුද්දිට හොඳටම කෑගැහුවා.....අන්තිමේ අහක ඉඳපු මමත් බැනුම් අහලයි සිද්දිය සමතෙකට පත් උනේ....සුද්දි සතියක් විතරම අපි එක්ක තරහ වෙලා හිටියා...මහත්තයා කිව්වා කමක් නෑ ඔහෙ හිටපුදෙන් කියල....දැන් උනත් සුද්දි ඒ හැටි ඇයි හොඳයියක් නෑ අපි එක්ක....

මේ සිද්දියෙන් මට එක දෙයක් හොඳට තේරුණා....අපේ සුද්දිට හොඳක් නරකක් තේරුම් කරල දෙන්න බෑ ...එයා කරන්නෙම එයාට ඕනි දේ....එයාගෙ මතේ...අපි කොච්චර මේක කරන්න එපා මේක හොඳ නෑ කියල කට කැඩෙනකල් කීවත් එයා නෙවේ ගනන් ගන්නෙ....

"මහත්තයා සුද්දි තාම කතා කරන්නෑනෙ හරියට..."

"කතා කරන්නැත්තන් නිකන් ඉන්න කියන්න බබා....අරවින්දි අපේ නංගි තමයි හැබැයි දෙයක් කීවම අහන්න බැරි උන්ගෙන් මට වැඩක් නෑ...ඔයත් කල්පනා නොකර ඔයාගෙ වැඩක් බලාගන්න....කතා කරන දවසක කතා කරයි....එයාට අපි නරකක් කරේ නෑනෙ..."

මහත්තයා කියන දේ ඇත්ත....සුද්දිට දවසක තේරෙයි අපි මොකක්ද කියන්නෙ කියල....එදා වෙනකොට එයා ජීවිතේ වරද්ද නොගෙන හිටියොත් හොඳටම ඇති මට....

මහත්තයා ඔෆිස් එකට යන ගමන්ම මාව කැම්පස් එකට දාගෙන යද්දි මම එහෙමම ලෙක්චර් හෝල් එකට එන්න ආවා....සුද්දි අද ඉස්කෝලෙ ගියෙ නෑ....ඇහුවම හේතු කියන්නෑනෙ ඇඟට කඩා පනිනවා මිසක්....සේරටම හේතුව මෙයාගෙ අර ඉන්නවා කියන යාලුවො....මට වෙලාවකට හිතෙනව ඔය කෙල්ලන්ව හම්බෙලා කතා කරල බලන්නත් ...කවුද දන්නෙ මොන මොන ජාතියෙ ලමයිද කියල....මේකිත් ගමේ ඉඳන් ආවට වැදගත් පාටට ඉන්න හින්දා කාණ්ඩෙට ඇදල ගන්න ඇති.....හොඳක් නරකක් කියල දුන්නට අහන්නෙ නෑනෙ නහරයක් වැඩිනෙ දැන්....යාලුවො කියන දේ තමයි අදහන්නෙ....මේ එළදෙනව ගමේ ඉස්කෝලෙම තියාගෙන ඉගැන්නුවනම් එකක්....ඒත් වැඩක් නෑ දවසක ඒලෙවල් ඉවර කරල කැම්පස් එක්කට ගියත් මෙහෙම මෝඩයෙක් වගේ නටයිනෙ....ඉගෙන ගන්න මොලේ තිබ්බට වැඩක් නෑ හොඳ නරක තෝරා බේරා ගන්න මොලයක් නැත්තන්....වැඩේ කියන්නෙ අපේ එකීට හොඳ නරක කියා දුන්නත් ඒක ගනන් නොගන්න එකනෙ....

සියපත්Where stories live. Discover now