04. අද ජීසූ

82 10 4
                                    

ලීන් මහ අමුතු විදිහෙ නීති රීති ගොඩක් එක පෙලට කියාගෙන යද්දි මං හිටියේ කරකියා ගන්න දෙයක් නැතිවයි.

ඇත්තටම බැලු බැල්මට ඒවා මහ විකාර නීති රීති වගයක් උනත් හොඳට බැලුවොත් ඒවාගෙන් මේ ගෙදර ආරක්ෂා වෙනවා..... ඒවගේම පිලිවෙලට, පිරිසිදුව නියමාකාරයෙන් පවතිනවා...

ලොකු හුස්මක් උඩට අරගත්ත මං ලීන් දිහා බැලුවා.

" හරි... සාමාන්‍යයෙන් එතකොට කොයිවගේ කෙනෙක් ව තෝර ගනී කියලද ඔයාට හිතෙන්නෙ....."

" ඒක ඒම කියන්න බෑ මිස්. කිසිම රටාවක් නෑ....
ඒත් මේ ගෙදර මගේ උනානං මං තෝර ගන්නෙ ගොඩක් අවංක, පිරිසිදු කෙනෙක්... මොකද මේ ගෙදර සුදුපාටින් නිරූපණය වෙනවා ඇත්තේ ඒක...... "

මං ලීන්ගෙ ඒ කතාවට හොඳින් ඇහුම්කම් දුන්නා.

" එතකොට මේ ගෙදර හදලා දැං අවුරුදු ගානක් වෙනවා නම් කලින් මේ ගෙදර කවුරු හරි ඉදලත් ඇතිනෙ..... ඒ ගැන මුකුත් දන්නැද්ද...... "

මං කෙලින්ම මගේ හිතට ආව ප්‍රශ්නය ඒ විදියට වචන කලේ ඒ මාර්ගයෙන් හරි මේ ගෙදර දෙනවා ඇත්තෙ කොයි වගේ අයටද කියලා අදහසක් ගන්නයි.

ඒත් මගේ බලාපොරොත්තුව එක ක්ශනයෙන්ම බොඳ උනේ ලීන් මේ ආයතනට බැදිලා තාම මාස හයක් වගේ කියලා කියද්දියි..

" එතකොට ඒකෙ තේරුම මේ ගෙදර මේ මාස හය ඇතුලතදි නම් කාටවත් දීලා නෑ..."

" හ්ම්... මං ගොඩක් අයට මේ ගේ පෙන්නුවත් එයාලට ඉන්ටවිව් එකට යන තැනටවත් අවස්ථාවක් ලැබුනෙ නෑ....."

මං ඒ කතාව අහන ගමන් ආයෙම සාලෙ වටේට පොඩ්ඩක් ඇවිද්දා.

නිදහස් වටපිටාව, සරලකම වගේම මේ සුදුපාට හිත නිවන ගතිය තමයි මේ වෙනකොට මටත් අවශ්‍යම වෙලා තියෙන්නෙ...

ඒම එකේ මේ වගේ ගෙදරකට පයින් ගහන්න නම් මං කීයටවත් හිතන්නෑ. ඒත් විශ්වාසය නැත්තෙ මේ ඉන්ටවිව් කතාව තමයි.

" හරි.. අපි උත්සාහ කරලා බලමුකෝ.... මට අර කිව්ව ලිපිගොනු ටික දෙනවද..." අවසානෙ මං එඩිතර උනා.

ජීවිතේ අලුතින් පටං ගන්න අරමුනේ තවත් අඩියක් මං ඉස්සරහාට තිබ්බා.

Rosene Park (18+ Thriller GL) Ongoing Where stories live. Discover now