යක්ශයායේ පැමිණීම

33 2 4
                                    

ඇලෙක්සැන්ඩර් ද ලූකා pov

මන් ප්‍රින්සස්ව පොලිස්සියෙන් එක්කන් එනකම් වෙන්සෙන්සෝ එක්ක පොලිස් ස්ටේෂන් එකට වෙලා බලන් හිටිය.ටික වෙලාවක් ඉන්නකොට මගේ ප්‍රින්සස් ආව.ඔවු දැක්ක ගමන් අදුර ගන්න පුලුවන්.ඉස්සර මන් ගහද්දිත් මන් දිහා බලල අඩපු හිනාවුන බැගෑපත් උන ඇස් වල කිසිම හැගීමක් නෑ.ඒ ඇස් වල  මරණීය නිහඩතාවයක් තිබ්බෙ.

"ප්‍රින්සස්...."

මට මිමිනුනා.මන් ලග හිටිය වෙන්සෙන්සෝ ගල් ගැහුන වගේ දැනුන.

"මිස්ටර් ඇලෙක්සැන්ඩර් ද ලූකා"
"මිස්ටර් වෙන්සෙන්සෝ ද ලූකා"

එයා අපි දිහා බලල කිවුවෙ අයිස් වගේ සීතල හඩකින්.ඒ වචන මට දැනුනෙ පපුවට පිහියෙන්  අනිනව වගේ.නිහඩවම එතන වෙන වැඩදිහා බලන් හිටිය එයා මුකුත්ම නොකිය අපේ පස්සෙන් කාර් එකට නැග්ග.

මන් එයා ලගින් වාඩි උනා.ඔයාට කොහොමද ප්‍රින්සස් වෙන්සෙන්සෝ ඇහුව.මන් හොදින් මිස්ටර් වෙන්සෙන්සෝ එයා කිව්වෙ රොබෝටික් හඩකින්.ඊලගට එයා ගෙඩ් ෆෝන් එක දාගෙන් ඇස් පිය ගත්ත.

"ඩෑඩ් හිතනවට වඩා වැඩේ අමාරු වෙයි වගේ.එයා ගොඩක් වෙනස් වෙලා.මේ අපේ ප්‍රින්සස් නෙවෙයි"

වෙන්සෙන්සෝ කිවුවෙ මන් දිහා බලාගෙන.ඔවු ඒක එහෙමවෙයි.මන් ඊලගට කෝල් එකක් ගත්තෙ ටොම්ට.

හෙලෝ ටොම් ඔක්කෝම රෙඩිද?

ඔවු ඩොන්.ඩෝනා ඖෂධ ඔක්කොම හරි ආසාවෙන් කරා.

ම්...හොදයි.මන් ඒ ගැන කියන්න තමයි කතා කලේ.ඩෝනට කියල දෙන්න හැසිරෙන්න ඕන විදිය.මොනම හේතුවක් නිසාවත් මගේ ප්‍රින්සස් දැන ගන්න බෑ මන් එයාට කරපු දේවල්.කකුල් කැඩුනෙ ඇක්සිඩන්ට් එකකින් කියල කියන්න කියන්න.ෆිසිකල් මුකුත් පාවිච්චි කරන්න ඒපා.ටිකක් මැන්ටල් ඩවුන් කරන්න.ටිකක් වීක් කරන්න.ලීසවත් වැඩේට හවුල් කරගන්න.මන් ගෙදර එන්නෙ හෙට උදේට."

එහෙම කියල පෝන් එක තියල මන් නිදාගෙන ඉන්න ප්‍රින්සස් දිහා බලල වැඩ පටන් ගත්ත.

ටොම් මැකෝල් pov

ඩොන්ගෙන් කෝල් එක ආවට පස්සෙ මන් ගියේ ඩෝන ඖෂධ ලගට.
එයා හිටියෙ හැමදාම වගේ ජනේලකින් එලිය බලාගෙන.

ANUBIS Where stories live. Discover now